රෝයල් පාර්ක් නඩුවේ විත්තිකරුට ජනපති සමාවදීමට එරෙහි ගොනු කළ පෙත්සම් විභාගය අවසන්

මහත් ආන්දෝලනයකට තුඩු දුන් රාජගිරිය රෝයල් පාර්ක් මිනීමැරුම් නඩුවේ මරණීය දණ්ඩනය නියම වී සිටි ජූඩ් ශ්‍රමන්ත ජයමහ නැමැති විත්තිකරුට හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් ප්‍රදානය කර තිබෙන සමාව බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති පෙත්සම් විභාගය අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය එහි තීන්දුව ප්‍රකාශයට පත් කිරීම දින නියමයක් නොමැතිව කල් තැබුවා.

එස්. තුරෛරාජා, යසන්ත කෝදාගොඩ සහ ජනක් ද සිල්වා යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේ පෙත්සම් විභාගය පැවැත්වුණා.

සියලු පාර්ශව විසින් ඉදිරිපත් කළ වාචික දේශන ඉදිරිපත් කිරිම අද (24) අවසන් කෙරුණා.

ඉන් අනතුරුව ලිඛිත දේශන තිබේ නම් ඒවා අගෝස්තු මස 25 වැනිදාට පෙර ගොනු කරන ලෙස සියලු පාර්ශ්ව වලට නියෝග කළ අධිකරණය, අනතුරුව තීන්දුව ප්‍රකාශ කිරීම දින නියමයක් නොමැතිව කල් තැබුවා.

කාන්තා මාධ්‍ය සංවිධාන එකමුතුව විසින් පෙත්සම ඉදිරිපත් කර තිබුණා.

පෙත්සම්කාර සංවිධානය කියා සිටින්නේ අදාළ විත්තිකරුට සමාව ප්‍රදානය කිරීමේ දී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් නිසි නීතිමය ක්‍රියා පටිපාටිය අනුගමනය කර නොමැති බවයි.

ඒ, තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් සහතික කර තිබෙන මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබාදෙන ලෙසත්, අදාළ විත්තිකරුට ප්‍රදානය කර තිබෙන සමාව බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.

  1. SWISS EMBASSY ME SCENE EKEN PASSE MEHE DALA GIYA, ITA PASSE 31 JULY SIA NORWAY EMBASSY DALA YANAWA. MUN EHE GIHIN PACHA NELANAWA WAR EKEDHI HR KADA UNE NAHE KIYALA. YAKO ME ES PANAPITA UNTA THIYENA SAKSHIYA THAMUNGE RATEYI THARUNA GENU LAMAYEK THUCHCHA LESA MARALA ADHAGENA GIYA PARA BALLAWA MU GANA KAPAGENA ELIYATA DAMMA RAATA WEDAK KORANA EWUN KIYALA, U EDHAMA RATIN PANNUWA. ATHANA METHANA RATHANA GE KATEYI NARI WADAK PUKEN BERENAWA, EYI ANIYH PAHARA BALLA



අපගේ නවතම වීඩියෝ පුවත්