අළු බඳුනේ සිව්වන තරගය ජය පරාජයෙන් තොරව අවසන්

අළු බඳුන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙපිළටම තීරණාත්මක වූ සිව්වන තරගය ජය පරාජයෙන් තොරව ඊයේ (23) අවසන් වුණා.

ඒ, අනුව එංගලන්තයට මෙවර තරගාවලියේ ජයග්‍රහණය පිළිබඳව තිබූ බලාපොරොත්තුව බොඳව ගියා.

මැන්චෙස්ටර් හිදී පැවති මෙම තරගයේ කාසිය වාසිය දිනූ එංගලන්ත නායක බෙන් ස්ටොක්ස් දෙවරක් නොසිතාම ප්‍රතිවාදී ඕස්ට්‍රේලියානුවන්ට පළමුව පන්දුවට පහරදීමට ආරාධනා කළා.

එම ආරාධනයෙන් පළමු ඉනිම ඇරඹු ඕස්ට්‍රේලියානුවන් සියල්ලන් දැවී ලකුණු 317ක් ලකුණු පුවරුවට එක් කරනු ලැබුවා.

එහිදී ඕස්ට්‍රේලියානු පළමු ඉනිම වෙනුවෙන් මාර්නස් ලැබුස්චේන් සහ මිචෙල් මාෂ් අර්ධ ශතක රැස් කිරීමට සමත් වුණා.

එංගලන්ත වේග පන්දු යවන ක්‍රීඩක ක්‍රිස් වෝක්ස් ඕස්ට්‍රේලියා පළමු ඉනිමේ කඩුලු 05ක් බිඳ දැමුවා.

අනතුරුව පළමු ඉනිම ආරම්භ කළ එංගලන්තය සිය පළමු ඉනිමට ලකුණු 592ක් රැස් කරමින් ප්‍රතිවාදීන්ට පීඩනයක් එල්ල කළ අතර, එංගලන්ත පළමු ඉනිම වෙනුවෙන් ආරම්භක පිතිකරු සැක් ක්‍රෝලි ලකුණු 189ක් සහ ජොනී බෙයාර්ස්ටෝ ලකුණු 99ක් රැස් කළා.

ඊට අමතරව ජෝ රූට් ලකුණු 84ක්, මොයින් අලී සහ නායක බෙන් ස්ටොක්ස් අර්ධ ශතක වාර්තා කරමින් එංගලන්ත පළමු ඉනිමට ශක්තිය සැපැයූවා.

පන්දු යැවීමේ දී ජොෂ් හේසල්වුඩ් එංගලන්ත පළමු ඉනිමේ කඩුලු 05කට හිමිකම් කීමට සමත් වුණා.

අනතුරුව එංගලන්ත පළමු ඉනිමට වඩා ලකුණු 275ක් පසු පසින් සිටිමින් සිය දෙවන ඉනිම ආරම්භ කළ ඕස්ට්‍රේලියානුවන්ට තරගයේ අවසන් දිනය වූ ඊයේ දිනය වනවිට කඩුලු 05ක් දැවී රැස්කරගෙන තිබුණේ ලකුණු 214ක් පමණයි.

එහිදී ඕස්ට්‍රේලියානු දෙවන ඉනිම වෙනුවෙන් මාර්නස් ලැබුස්චේන් ලකුණු 111ක් රැස් කරගත් අතර, වේග පන්දු යවන ක්‍රීඩක මාර්ක් වුඩ් ඕස්ට්‍රේලියානු දෙවන ඉනිමේ කඩුලු 03ක් දවාගෙන සිටියා.

කෙසේ වෙතත් වර්ෂාව හේතුවෙන් ඊයේ දිනය වූ අවසන් දිනට තරග පැවැත්වීමට අවස්ථාව හිමි වූයේ නැහැ.

ඒ, අනුව මෙම තරගය ජය පරාජයෙන් තොරව අවසන් වුණා.

තරග පහකින් සමන්විත අළු බඳුන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ මේ වනවිට තරග දෙකට එකක් ලෙස ඕස්ට්‍රේලියානුවන් පෙරමුණ ගෙන සිටිනවා.

ඒ, අනුව තරගාවලියේ අවසන් තරගය ඕස්ට්‍රේලියාව ජය ගතහොත් මෙවර තරගාවලියේ ශූරතාවයට හිමිකම් කීමට ඔවුන්ට හැකියාව ලැබෙනවා.

කෙසේ හෝ පස්වන හා අවසන් තරගය එංගලන්තය ජයගතහොත් මෙවර තරගාවලිය ජය පරාජයෙන් තොරව අවසන් කර ගනිමින් පරාජයේ අවමානයෙන් ගැලවීමට ඔවුනට අවස්ථාව හිමිවනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26