දුරදිග ගිය ඉඩම් ආරවුලෙන් පියාට ජීවිතය අහිමි වෙයි

රත්නපුර හිඳැල්ලන ප්‍රදේශයේ සිදු වූ ආරවුලක් දුරදිග යාමෙන් පුද්ගලයෙකු ඝාතනයට ලක්ව තිබෙනවා.

ඊයේ රාත්‍රී දෙපිරිසක් අතර ඇතිවූ ආරවුල දුරදිග යාමෙන් සිදු වූ පහරදීමෙන් තවත් පුද්ගලයන් දෙදෙනෙකු බරපතල තුවාල ලබා ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මියගොස් ඇත්තේ, හිඳැල්ල ප්‍රදේශයේ පදිංචි 65 හැවිරිදි පුද්ගලයෙක්. තුවාල ලබා ඇත්තේ ඔහුගේ පුත්‍රයන් දෙදෙනා වන අවුරුදු 36 හා 37 වයසේ පසුවන දෙදෙනෙක්.

කාලයක සිට පැවති ඉඩම් ආරවුලක් හේතුවෙන් ඇතිවූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් මෙම ඝාතනය සිදුවී ඇති බවටයි මූලික පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.

සිද්ධිය සම්බන්ධයෙන් සැකකාරියන් දෙදෙනෙකු හා සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් අවුරුදු 18, 65 සහ 48 යන වයස්වල පසුවන හිඳැල්ලන ප්‍රදේශයේම පදිංචිකරුවන් බව සඳහන්.

සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් පිරිසක් හඳුනාගෙන ඇති බව පොලිසිය සඳහන් කළා.

ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා රත්නපුර පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56