ලක්ෂ 21ක විදෙස් දුම්වැටි කටුනායක දී අත් අඩංගුවට

රුපියල් 2,175,000ක් වටිනා විදේශීය දුම්වැටි තොගයක් සමග ව්‍යාපාරිකයන් දෙදෙනෙකු කටුනායක ගුවන් තොටුපොළේ දී පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කඩවත සහ මීගමුව ප්‍රදේශවල පදිංචිකරුවන් දෙදෙනෙක්.

මීගමුව ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි ව්‍යාපාරිකයා අද අලුයම 04ට සජා සිට ගල්ෆ් එයාර් ගුවන් සේවයේ G- 9500 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

කඩවත ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි අනෙක් ව්‍යාපාරිකයා අද උදෑසන 10.30ට ඉන්දියාවේ චෙන්නායි සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ UL- 122 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

මොවුන් රැගෙන ආ ගමන් මලු තුළ “මැන්චෙස්ටර්” සහ “බෙන්සන් ඇන්ඩ් හෙජස්” වර්ගයේ දුම්වැටි 17,400ක් අඩංගු දුම්වැටි කාටූන් 87ක් සඟවා ගෙන සිටියදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විසින් සොයා ගෙන තිබෙනවා.

මෙම ව්‍යාපාරිකයන් දෙදෙනා පොලිස් ඇප මත මුදා හැරීමට කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් පියවර ගෙන ඇති අතර ලබන 26 වනදා ඔවුන් රැගෙන ආ දුම්වැටි තොගය සමග මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"කෘෂිකර්ම ඇමති නැත්තම් ගොයම් බීජයක් උඩට එන්නේ නෑ යටට යන්නේ..ආනුභාවයෙන් මේවා වෙන්නේ"
08:40
Video thumbnail
මහර සිද්ධිය ගැන චානක කට අරියි - පාපිසි වැඩ කරනකොට ඕවා සාමාන්‍ය දේවල්
03:23
Video thumbnail
ආණ්ඩුව රටම නොමඟ යවලා - ගල් අඟුරු වංචාව DV චානක හෙළිකරපු දේ
03:15
Video thumbnail
විශ්‍රාම කාලය වැඩි කරන්න ඇයි මේ හදිස්සිය - අපිට මේක සැකයි - යටි අරමුණක් නිසාද?
13:27
Video thumbnail
මුළු නුවරඑළියම මීදුමෙන් වැසී යයි
00:58
Video thumbnail
මම ඊළඟ පාරේ ආණ්ඩු පැත්තේ වාඩිවෙනවා
02:25
Video thumbnail
නුවරඑළිය ග්‍රෙගරි වැවේ බෝට්ටු පැදීම තහනම් කරයි
00:44
Video thumbnail
නාය ගිය තැන බලන්න ආණ්ඩුවේ ප්‍රබලයෙක් දුවගෙන එයි
02:11
Video thumbnail
ලාල්කාන්ත මට කතා කරලා කිව්වා නිශ්ශබ්දව ඉන්න කියලා - මං කිව්වා මට නිශ්ශබ්දව ඉන්න බෑ කියලා
05:20
Video thumbnail
පස් කන්දකට යට වී අතුරුදන්ව සිටි සිව් දෙනාගේම සිරුර සොයා ගැනේ
00:30