මන්නාරම සහ පුනරීන්හි සුර්ය, සුළං විදුලි ව්‍යාපෘති 2025 ජනවාරි වන විට නිමකිරීමට සැලසුම්

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් නව දිල්ලි නුවර පැවති ද්වී පාර්ශ්වික සාකච්ඡාවලදී විදුලිබල සහ බලශක්ති ක්ෂේත්‍රයන්වල සහයෝගීතාව වර්ධන සහ ආයෝජන ව්‍යාපෘති පිළිබඳව සාකච්ඡාවට ලක්වූ බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

පුනර්ජනනීය බලශක්ති සහයෝගීතා ව්‍යාපෘති සංවර්ධනය, ත්‍රිකුණාමලය බලශක්ති කේන්ද්‍රස්ථානයක් ලෙස සංවර්ධනය කිරීම පිළිබඳව අවබෝධතා ගිවිසුම් ඇති කර ගැනීම සහ සාම්පුර් ප්‍රදේශයේ ලංකා විදුලි බල මණ්ඩලය සහ ඉන්දියානු රජයේ NTPC ආයතනය මගින් ඒකාබද්ධව ඉදි කරන සූර්ය බලශක්ති ව්‍යපෘතිය වෙනුවෙන් අවශ්‍ය බලශක්ති අවසරපත් නිකුත් කිරීම මෙම සංචාරයේදී සිදු වූ බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

අදානි සමුහ ව්‍යාපාරයේ හිමිකරු වන ගෞතම් අදානි මහතා සමග සිදුකල සාකච්ඡාවේදී මන්නාරම සහ පුනරීන් හි ක්‍රියාත්මක කරන මෙගා වොට් 500ක සුර්ය සහ සුළං විදුලිබල උත්පාදන ව්‍යාපෘතිය 2025 වසරේ ජනවාරි මස වන විට නිමකිරීමට අවශ්‍ය කටයුතු කරන බවට ද ප්‍රකාශ වී තිබෙනවා.

එමෙන්ම මෙම සංචාරයේදී ඉන්දු-ලංකා විදුලි බල පද්ධතිය ඒකාබද්ධ කිරීමේ වැඩසටහන, හරිත හයිඩ්‍රජන් වැඩසටහන්, දෙරට අතර ඉන්ධන නල මාර්ගයක් ඉදි කිරීමේ ව්‍යාපෘතිය සහ විදුලිබල සහ බලශක්ති ක්ෂේත්‍රයන්වල ආයෝජන සම්බන්ධයෙන් සාකච්ඡාවට ගත් බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, ඉන්දීය ජනාධිපතිතුමිය, ඉන්දිය රජයේ ජේෂ්ඨ අමාත්‍යවරුන්, රාජ්‍ය නිලධාරීන් සහ ආයෝජකයන් සමග සාකච්ඡා පවත්වා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
0
+1
0
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන..දැකපු දෙස් විදෙස් අයත් මවිත වුණ දේ
01:33
Video thumbnail
Kasthirama | "යළි ගොඩනැගෙන්නට සවිය අවැසි හෙට දවස" - කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:25:26
Video thumbnail
මෙන්න කාළගුණයේ වෙන්න යන නොසිතූ වෙනස..අත්‍යවශ්‍ය වැඩවලට විතරක් එළියට යන්න
04:02


?