මන්නාරම සහ පුනරීන්හි සුර්ය, සුළං විදුලි ව්‍යාපෘති 2025 ජනවාරි වන විට නිමකිරීමට සැලසුම්

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් නව දිල්ලි නුවර පැවති ද්වී පාර්ශ්වික සාකච්ඡාවලදී විදුලිබල සහ බලශක්ති ක්ෂේත්‍රයන්වල සහයෝගීතාව වර්ධන සහ ආයෝජන ව්‍යාපෘති පිළිබඳව සාකච්ඡාවට ලක්වූ බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

පුනර්ජනනීය බලශක්ති සහයෝගීතා ව්‍යාපෘති සංවර්ධනය, ත්‍රිකුණාමලය බලශක්ති කේන්ද්‍රස්ථානයක් ලෙස සංවර්ධනය කිරීම පිළිබඳව අවබෝධතා ගිවිසුම් ඇති කර ගැනීම සහ සාම්පුර් ප්‍රදේශයේ ලංකා විදුලි බල මණ්ඩලය සහ ඉන්දියානු රජයේ NTPC ආයතනය මගින් ඒකාබද්ධව ඉදි කරන සූර්ය බලශක්ති ව්‍යපෘතිය වෙනුවෙන් අවශ්‍ය බලශක්ති අවසරපත් නිකුත් කිරීම මෙම සංචාරයේදී සිදු වූ බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

අදානි සමුහ ව්‍යාපාරයේ හිමිකරු වන ගෞතම් අදානි මහතා සමග සිදුකල සාකච්ඡාවේදී මන්නාරම සහ පුනරීන් හි ක්‍රියාත්මක කරන මෙගා වොට් 500ක සුර්ය සහ සුළං විදුලිබල උත්පාදන ව්‍යාපෘතිය 2025 වසරේ ජනවාරි මස වන විට නිමකිරීමට අවශ්‍ය කටයුතු කරන බවට ද ප්‍රකාශ වී තිබෙනවා.

එමෙන්ම මෙම සංචාරයේදී ඉන්දු-ලංකා විදුලි බල පද්ධතිය ඒකාබද්ධ කිරීමේ වැඩසටහන, හරිත හයිඩ්‍රජන් වැඩසටහන්, දෙරට අතර ඉන්ධන නල මාර්ගයක් ඉදි කිරීමේ ව්‍යාපෘතිය සහ විදුලිබල සහ බලශක්ති ක්ෂේත්‍රයන්වල ආයෝජන සම්බන්ධයෙන් සාකච්ඡාවට ගත් බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, ඉන්දීය ජනාධිපතිතුමිය, ඉන්දිය රජයේ ජේෂ්ඨ අමාත්‍යවරුන්, රාජ්‍ය නිලධාරීන් සහ ආයෝජකයන් සමග සාකච්ඡා පවත්වා තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18