එළෙඹෙන සැප්තැම්බර් මාසය වනවිට දැනට ආනයනය තහනම්කර ඇති එච්.එස්. කේත 300ක පමණ ප්‍රමාණයක් නිදහස් කිරීමට අවශ්‍ය වැඩ කටයුතු සිදුකරමින් පවතින බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසනවා.
ඒ, අනුව වාහන ආනයන හා සම්බන්ධ එච්.එස්. කේත 300ක පමණ ප්‍රමාණයක් අවසානයට ඉතිරිවන බවයි රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.
කෙසේ වෙතත් වාහන ආනයනය සම්බන්ධ මෙම එච්.එස්. කේත 300ක පමණ ප්‍රමාණය නිදහස් කිරීම සිදුවන්නේ යළි ආර්ථික අර්බුදයක් ඇති නොවීමට අවශ්‍ය පරිසරය රට තුළ නිර්මාණය වීමෙන් පසුව බවයි ශෙහාන් සේමසිංහ රාජ්‍ය අමාත්‍යවරයා පවසා සිටියේ.
පාර්ලිමේන්තුවේ දී ඊයේ (21) අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.
මේ අතර ඉදිරියේ දී ආනයන සීමා ලිහිල් කිරීමේ දීපොදු ප්‍රවාහනයට මෙන්ම කර්මාන්ත සඳහා ගෙන්වන වාහන සහ යතුරුපැදි සදහා ප්‍රමුඛත්වය ලබාදෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය ඊයේ පාර්ලිමේන්තුවේ දී පැවසුවා.
2020 වසරේ සිට 2023 වසර දක්වා කාලය තුළ වාහන ආනයනය අත්හිටුවීම තුළින් රජයට අහිමි වූ බදු ආදායම රුපියල් බිලියන 620ක් බව ද ඔහු මෙහිදී අනාවරණය කර සිටියා.














Allow to import replacement vehicles with VAT only. Go for the Singapore system. Stop all duty free imports of any vehicle.