AFC Banner
Empty Ad
Empty Ad

වාහන ආනයනයට අවසර ලැබෙන කාල වකවානුව ගැන මුදල් රාජ්‍ය ඇමතිගෙන් දැනුම්දීමක්

එළෙඹෙන සැප්තැම්බර් මාසය වනවිට දැනට ආනයනය තහනම්කර ඇති එච්.එස්. කේත 300ක පමණ ප්‍රමාණයක් නිදහස් කිරීමට අවශ්‍ය වැඩ කටයුතු සිදුකරමින් පවතින බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසනවා.

ඒ, අනුව වාහන ආනයන හා සම්බන්ධ එච්.එස්. කේත 300ක පමණ ප්‍රමාණයක් අවසානයට ඉතිරිවන බවයි රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

කෙසේ වෙතත් වාහන ආනයනය සම්බන්ධ මෙම එච්.එස්. කේත 300ක පමණ ප්‍රමාණය නිදහස් කිරීම සිදුවන්නේ යළි ආර්ථික අර්බුදයක් ඇති නොවීමට අවශ්‍ය පරිසරය රට තුළ නිර්මාණය වීමෙන් පසුව බවයි ශෙහාන් සේමසිංහ රාජ්‍ය අමාත්‍යවරයා පවසා සිටියේ.

පාර්ලිමේන්තුවේ දී ඊයේ (21) අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

මේ අතර ඉදිරියේ දී ආනයන සීමා ලිහිල් කිරීමේ දීපොදු ප්‍රවාහනයට මෙන්ම කර්මාන්ත සඳහා ගෙන්වන වාහන සහ යතුරුපැදි සදහා ප්‍රමුඛත්වය ලබාදෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය ඊයේ පාර්ලිමේන්තුවේ දී පැවසුවා.

2020 වසරේ සිට 2023 වසර දක්වා කාලය තුළ වාහන ආනයනය අත්හිටුවීම තුළින් රජයට අහිමි වූ බදු ආදායම රුපියල් බිලියන 620ක් බව ද ඔහු මෙහිදී අනාවරණය කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
11
+1
6
+1
35
+1
4
+1
6
+1
5
+1
12
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොලීසියෙන් විශේෂ ප්‍රකාෂයක්#election2024
Video thumbnail
ජනාධිපති අපේක්ෂක දිලිත් ජයවීර සහභාගීවන මහා ජන රැලිය කොට්ටාවේ සිට සජීවීව
01:25:20
Video thumbnail
හිතට නරක සිතුවිල්ලක් ආපුවාම - ඒක එවලේම අමතක කරලා දාන්න
09:33
Video thumbnail
8වන අනුප්‍රාප්තික විධායක ජනපති කළ අවසාන කතාව සම්පූර්ණයෙන් අහන්න
10:55
Video thumbnail
නුගේගොඩ වේදිකාවෙන් බැස්ස අනුරව වටකරගනී - හිමිනමක් අනුරව වැළඳ ගනී#anurakumaradissanayake
03:49
Video thumbnail
බල පෙරළිය ඇරඹෙයි - TNA ප්‍රබලයෙක් රනිල්ගේ සහයට
10:08
Video thumbnail
ජෝතිෂ්‍යට අනුව දිනන්නේ රනිල් - බුද මහ දසාවේ - සිකුරු අන්තරේ
02:07
Video thumbnail
සජිත්ගේ අවසන් රැළියට මහ සෙනගක් #sajithpremadasa
04:31
Video thumbnail
සජිත්ගේ වේදිකාවට අවසාන මොහොතේ නැගපු නිදහස් පක්ෂයේ ප්‍රබලයා
03:09
Video thumbnail
"එයා වාද විවාධ වලට යන්නේ නෑ" - ටිල්වින් - සජිත් නැත්තට නැති කරයි
05:37

?