නිවුන් දරු උපත් වාර්තාගත ලෙස ඉහළට

ලොව පුරා නිවුන් දරු උපත් සිදුවීම් බහුලව වාර්තා වන බව ඒ පිළිබඳව කළ අධ්‍යයනයනික් හෙළිව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ, 1980 සිට ද්විත්ව උපත් අනුපාතය සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බවයි.

රටවල් 100 කට වැඩි සංඛ්‍යාවක වාර්තා හා විශ්ලේෂණයන් මෙම සඳහා භාවිතා කර තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, ලෝක ජනගහනයෙන් 99% ක් ආවරණය වන පරිදි රටවල් 165 ක ද්විත්ව උපත් අනුපාතයන්හි විශ්ලේෂණය සඳහා යොදා ගෙන ඇති බවයි.

ඒ අනුව මේ වනවිට මව්වරුන් 42 දෙනෙකුගෙන් එක් අයෙකු නිවුන් දරුවන් බිහි කරයි.

පසුගිය අවුරුදු 40 තුළ ගෝලීය ද්විත්ව උපත් අනුපාතය තුනෙන් එකකින් ඉහළ ගොස් ඇතැයි අධ්‍යයනයේ තොරතුරු මගින් වාර්තා වේ.

ඔක්ස්ෆර්ඩ් සරසවියේ ( Oxford University ) සමාජ විද්‍යාව හා ජාන විකාශනය (demography) පිළිබඳ මහාචාර්යවරියක් වන ක්‍රිස්ටියාන් මොන්ඩන් (Christiaan Monden ) පැවසුවේ මෙය කැපී පෙනෙන ප්‍රවණතාවක් වන බවයි.

පසුගිය අවුරුදු 40 ත් 50 ත් අතර කාලය තුළ ධනවත් හා සංවර්ධිත රටවල ද්විත්ව උපත් අනුපාතවල ප්‍රබල වැඩිවීමක් දැක ගත හැකි වූ බවත් ඇය තවදුරටත් සඳහන් කළා ය.

1980 පසු නිවුන් දරු උපත් ඉහළ යාමත් සමග වැඩිම නිවුන් දරු උපත් වාර්තා වන්නේ, උතුරු අමෙරිකාවේ ය.

එය 71% වර්ධනයකි.

එමෙන්ම යුරෝපයේ 60% කින් සහ ආසියාවේ 32% ඉහළ ගොස් ඇතැයි වාර්තා වෙයි.

නමුත් එක්සත් රාජධානියේ නිවුන් දරු උපත් අනුපාතය 62% කින් පමණ ඉහළ ගිය ද , 2007 දී Human Fertilisation and Embryology Authority (HFEA) නිවුන් දරු උපත් අඩු කිරීමේ ක්‍රමවේදයක් දියත් කළ දින සිට පහත වැටී ඇතැයි සැලකේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතරගම කිරිවෙහෙර පුද බිමට විශාල ජනගඟක් ඇදෙයි
00:10
Video thumbnail
අපි මේ කුණකට අත ගහලා තියෙන්නේ - අපි අමුණු කැලෑ අස්සේ රිංගලා ගියා.. ප්‍රශ්නය දැක්කා
06:42
Video thumbnail
හිතාමතා කරන අල්ලස, දූෂණය, වංචාවට කිසිසේත්ම ඉඩකඩ නෑ..ආනන්ද විජේපාලගෙන් සැර කතාවක්
12:36
Video thumbnail
මනමාල ජෝඩුව වෙනුවට රැග් කන්න වුණ දෙමව්පියෝ - අවු:42ම පළවෙනි වතාවට දැක්කේ මෙහෙම
02:30
Video thumbnail
වසර 7කට පමණ පසු නැවත ඇරඹෙන යාපහුව ශ්‍රී දළදා මහ පෙරහර
03:40
Video thumbnail
චමින්ද විජේසිරිගේ පියාගේ අභාවය වෙනුවෙන් ගිය සජිත් සංවේදී වූ අයුරු
01:52
Video thumbnail
"නයි හාමි කරදර නොකර යන්න.."
01:19
Video thumbnail
ජාතිවාදී ආගම්වාදි ගැටුමකට යළි ශ්‍රී ලංකාවේ ඉඩ දෙන්නේ නෑ - දක්ෂතම මානව සම්පත අප සතුව තියෙනවා
06:28
Video thumbnail
පෙරහරට කලින් නුවරට වහින මහ වැස්ස..
00:11
Video thumbnail
ලොවම කම්පා කරමින් නේපාලයට ගලා ආ මහ ගංවතුර
01:42