නැඟී එන සිංහයින්ට පාකිස්ථානයෙන් ප්‍රබල ඉලක්කයක්

ආසියානු කුසලාන නැඟී එන කණ්ඩායම් අතර එක්දින තරගාවලියේ ශ්‍රී ලංකාව සහ පකිස්ථානය අතර අවසන් පූර්ව වටයේ තරගය මේ වන විට කොළඹ පී. සරා ඕවල් ක්‍රීඩාංගනයේ දී ක්‍රියාත්මකයි.

මෙම තරගයේ කාසිය වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් පාකිස්ථාන නැඟී එන කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළ සියල්ලන් දැවී ලකුණු 322ක් රැස් කළා.

මෙහිදී පකිස්ථාන ඉනිම වෙනුවෙන් ඔමේර් යූසුෆ් ලකුණු 88ක් රැස්කළ අතර, නායක මොහොමඩ් හරිස් අර්ධ ශතකයක් රැස්කරමින් පකිස්ථාන ඉනිම ශක්තිමත් කළා.

පන්දු යැවීමේ දී ලහිරු සමරකෝන්, ප්‍රමෝද් මධුෂාන් සහ චාමික කරුණාරත්න කඩුලු 02 බැඟින් බිඳ දැමීමට සමත් වුණා.

ඊට අමතරව නායක දුනිත් වෙල්ලාලගේ සහ සහන් ආරච්චිගේ අතරේ එක් කඩුල්ල බැඟින් බෙදී ගියා.

ඒ, අනුව මෙම තරගය ජය ගැනීමට ශ්‍රී ලංකා නැඟී එන කණ්ඩායමට ලකුණු 323ක දැවැන්ත ඉලක්කයක් පන්දු 300ක් තුළ හිමිව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
3
+1
2
+1
2
+1
2
+1
6
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?