ජනපති රනිල් සහ ඉන්දියාවේ ජාතික ආරක්ෂක උපදේශකවරයා අතර හමුවක්

මේ වනවිට ඉන්දියාවේ නිල සංචාරයක නිරතව සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ, ඉන්දියාවේ ජාතික ආරක්ෂක උපදේශක අජිත් ඩොවාල් හමුවී තිබෙනවා.

අද (21) පෙරවරුවේ දිල්ලි නුවරදී මෙම හමුව සිදුවූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

දෙදින නිල සංචාරයක් සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඊයේ (20) පස්වරුවේ ඉන්දියාව ලබා පිටත්ව ගියා.