තලවතුගොඩ වෙඩි තැබීමකින් “දිලුවා” මරුට (වීඩියෝ)

තලවතුගොඩ, වැලිපාරේ නිවසකට යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු ඊයේ (20) රාත්‍රියේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් ඇතැයි තලංගම පොලිසිය පවසනවා.

මෙලෙස මියගොස් දිලුක් රංග පෙරේරා නොහොත් “දිලුවා” නමැති (41) හැවිරිදි පුද්ගලයෙක්.

රාත්‍රී 9.00ට පමණ මෙම පුද්ගලයා නිවසේ කාමරයක රැඳී සිටියදී යතුරුපැදියකින් පැමිණි පුද්ගලයකු කාමරය තුළට පැමිණ මිලි මීටර් 09 වර්ගයේ පිස්තෝලයකින් හිසට වෙඩි ප්‍රහාර තුනක් තබා පලාගොස් ඇති බවයිඕ වාර්තා වන්නේ.

වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, මෙලෙස මියගිය පුද්ගලයා සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වූ සමයං නමැත්තා ගේ සමීපතමයෙකුගේ සහෝදරයෙකු 2016 වසරේදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියකට බන්ධනාගාර ගතව සිට දැනට ඇප මත නිදහස්ව සිටින පුද්ගලයක්.

වෙඩි තැබීමෙන් බරපතළ තත්ත්වයේ පසුවූ පුද්ගලයා රෝහල් ගතකර පොලිස් ආරක්ෂාව යටතේ ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටිය දී මියගොස් ඇති බව සඳහන්.

සිද්ධියට සම්බන්ධ සැකකරුවන් කිසිවෙකුත් මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර අවට සවිකර ඇති ආරක්ෂිත කැමරා දර්ශන උපයෝගී කරගෙන සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට විමර්ශන ආරම්භ කර තිබෙනවා.

https://youtu.be/YrdKW4i-Jl0
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
4
+1
3
+1
0
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සලේගේ බිරිඳ කළ ප්‍රබල හෙළිදරව්ව - "මගේ බබාලා පස්සේ ඇවිත් කරදර කරන එක ඉතා අසාධාරණයි"
02:30
Video thumbnail
සලේගේ නෝනාගේ පස්සෙන් යන මේ අභිරහස් මනුස්සයා කවුද..?
07:44
Video thumbnail
අපිට නිවසක් දෙනකම් අපි මාරාන්තික උපවාසයක් කරනවා
02:45
Video thumbnail
ලාල්කාන්තලා, සරත්ලා තමයි කසිප්පුකාරයෝ, ගංජාකාරයෝ - රෙදි නැතුව යන්න ගමට වරෙල්ලා උඹලා
10:30
Video thumbnail
චමින්ද විජේසිරි මේ ආණ්ඩුවට ලොකු වදයක් වෙලා - සිල්ලර දේවල් අල්ලගන්න එපා
07:52
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.23
01:19:59
Video thumbnail
චමින්දගේ නඩු තීන්දුව ගැන ජනාධිපති කොහොමද දැනගෙන සිටියේ..?
07:48
Video thumbnail
මුජිබුර් හඳුන්නෙත්තිට කට උත්තර නැතිවෙන්නම දෙයි
08:48
Video thumbnail
වැස්සෙන් පාසලට යන පාර වැහිලා..උදැල්ලක් අරගෙන පොලිස් නිලධාරියා කරපු දේ
01:55
Video thumbnail
අජිත් නැගිටලා හතර වටේටම දෙසයි - මේ පෙන්නන්නේ කැරට් අලයක්..ජනපති වාර්තා තියලා තියෙනවා
10:16