ජල ගාස්තුව ඉහළ දැමීමේ සූදානමක්

විදුලි ගාස්‌තුව ඉහළ දැමීමට කටයුතු කිරීම හේතුවෙන් ජල ගාස්තුව ද ඉහළ නැංවීමට සිදුවන බව ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා.

ජනතාවට බලපෑමක්‌ නොවන ආකාරයට එම ජල ගාස්තු වැඩිවීම සිදුවන බව සඳහන් කළ අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන්කර සිටියේ එම යෝජිත සැලැස්ම විපක්ෂ නායක කාර්යාල වෙත ද යවා ඇති බවයි.

විරුද්ධ පක්ෂ ද මේ සඳහා සහයෝගයෙන් කටයුතු කළ යුතු බවයි ඔහු සඳහන් කර සිටියේ.

ජල ගාස්තු සම්බන්ධයෙන් ජාතික සමගි බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ඉෂාක් රහ්මාන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ජීවන් තොණ්ඩමන් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

“ජල ගාස්තු වැඩි කිරීමේ අවශ්‍යතාව ගැන මම පසුගිය පෙබරවාරි මාසයේ පාර්ලිමේන්තුවේදී පැහැදිලි කරලා තිබුණා. විදුලි බිල සියයට 66 කින් ඉහළ දමා ඇති බැවින් ජල සම්පාදන අංශය කළමණාකරණය සඳහා වැය වන මුදල රුපියල් මිලියන 425 වෙනවා. මීට අමතරව රුපියල් මිලියන 2,400ක ණය මුදලක් ගෙවනවා. ඊට හේතුව මෙතෙක් නිසි ක්‍රියාමාර්ගයක් නොගැනීමයි. එය නිවැරදි කිරීම සඳහා පියවරක් ලෙස මෙය සිදු කෙරෙන්නේ. ජනතාවට පීඩාවක් නොවන ආකාරයට ජල ගාස්තු වැඩි කිරීම සම්බන්ධව උපදේශක කමිටු රැස්වීමක් හෙට දින පාර්ලිමේන්තුවේදී පැවැත්වෙනවා. පවුලක පස් දෙනෙක් ඉන්නවා නම් ජලය පාවිච්චි කරන්නේ ඒකක 15ක් 20ක් විතරයි.ජල ගාස්තු ඉහළ දැමීමෙන් මොවුන්ට සහ සමෘද්ධි භාවිත කරන්නන්ට බලපෑමක් ඇති වෙන්නේ නැහැ. ජල ගාස්තුව වැඩි කිරීමේ අදහස විපක්ෂ නායක කාර්යාලයට ද යවා තියෙනවා. අපිට මිනිස්සුන්ගේ බඩට ගහන්න අදහස් කරන්නේ නැහැ.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
2
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55


?