රාජාංගනයේ සංගීත සැණකෙළියක බාලවයස්කරුවන් මාල කඩලා

රාජාංගනය, යාය 18 ප්‍රදේශයේ පැවති සංගීත සැණකෙළියක් අතරතුර රන්මාල කැඩූ බාලවයස්කරුවන් සිව්දෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 15 සැකකරුවන් 17 හැවිරිදි වියේ පසුවන සැකකරුවන් දෙදෙනෙක්.

මොවුන් ඊයේ (17) රාත්‍රියේ සංගීත සැණකෙළි භුමියේ දී රන් මාලය කඩාගෙන පලා යමින් සිටිය දී අල්ලාගෙන පොලිසියට භාරදීමට කටයුතු කර තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට පත් බාලවයස්කාර සැකකරුවන් සිව්දෙනා කලා වැව සහ රාජාංගනය යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි වාර්තා වන්නේ.

මොවුන් අද (18) දින අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බව රාජාංගනය පොලිසිය පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
2
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?