උතුරු – නැගෙනහිර දෙමළ දේශපාලන නායකයින් හා ඇමරිකානු තානාපතිනිය අතර විශේෂ හමුවක්

උතුරු, නැගෙනහිර දෙමළ දේශපාලන පක්ෂ නායකයින් සහ මෙරට ඇමරිකානු තානාපති ජූලි චන්ග් අතර හමුවක් ඊයේ (17) පවත්වා තිබෙනවා.

අතුරුදහන්වූවන්ගේ පවුල්වල සාමාජිකයින්ට විසදුම් ලබාදීම, සමූහ මිනීවළවල් සම්බන්ධයෙන් විමර්ශනයක් පැවැත්වීම සහ උතුරු නැගෙනහිර ඉඩම් නැවත පවරාදීම යන කරුණු සම්බන්ධයෙන් මෙහිදී සකච්ඡා වී ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම ශ්‍රී ලංකාව තුළ සත්‍යය, සංහිදියාව හා ස්ථිර සාමය පවත්වාගැනීම සම්බන්ධයෙන්ද ඇමරිකානු තානාපතිනිය සහ දෙමළ දේශපාලන පක්ෂ නායකයින් සකච්ඡාකර තිබෙනවා.

මෙම සකච්ඡාව සඳහා දෙමළ මහජන පෙරමුණ නායක සී.වී. විගවිග්නේශ්වරන්, සමස්ත ලංකා දෙමළ කොංග්‍රස් නායක ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම්, ටෙලෝ පක්ෂ නායක සෙල්වම් අඩෙක්කලනාදන්, ප්ලොට් සංවිධාන නායක ධර්මලිංගම් සිද්ධාර්ථන්, ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂ නියෝජිත එම්.ඒ. සුමන්තිරන් ඇතුළු පිරිසක් එක්ව සිටි බව සඳහන්.

මේ අතර උතුරු නැගෙනහිර ගැටළු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට දෙමළ දේශපාලන පක්ෂ නායකයින් සහ ජනාධිපතිවරයා අතර ද විශේෂ සාකච්ජාවක් පැවැත්වීමට නියමිත බව එම දේශපාලන පක්ෂ නියෝජිතයින් සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26