අහස උසට ගිය එළවළු මිල පහළට

පසුගිය දිනවල අධික ලෙස මිල ඉහළ ගොස් තිබූ උඩරට එළවළු වර්ග රැසක මිල අද (16) දිනය වනවිට පහළ ගොස් ඇති බව වාර්තා වනවා.

ඒ, අනුව කැප්පෙටිපොල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු වර්ග රැසක මිල ගණන් අද දිනයේ තරමක් පහළ ගොස් තිබූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

පසුගිය සතියේ රුපියල් 200ට පැවති නෝකොල් කිලෝවක මිල රුපියල් 130 දක්වාත්, රුපියල් 180ක්ව තිබූ ගෝවා කිලෝවක මිල රුපියල් 110ක් දක්වාත් අඩු වී තිබෙනවා.

එමෙන්ම රුපියල් 400ක්ව තිබූ කැරට් කිලෝවක් රුපියල් 250ත් 300ත් අතර අගයකට අඩු වී ඇති බවයි වාර්තා වන්නේ.

රුපියලක් 200ක්ව තිබූ ලීක්ස් කිලෝවක් අද දිනයේ රුපියල් 150ක් දක්වාත්, රුපියල් 350ක් වූ වම්බටු කිලෝවක මිල රුපියල් 250ක් දක්වාත් මිලගණන් අඩු වී ඇති බවයි වාර්තා වුණේ.

මේ අතර පසුගිය දිනවල ඉහළ අගයක් වාර්තා කළ මාලු මිරිස් කිලෝවක් අද දිනයේ රුපියල් 300ක් ලෙසට සටහන් වී තිබෙනවා.

තක්කාලි සහ බෝංචිවල පමණක් අද දිනයේ තරමක් ඉහළ මිලක් වාර්තා වන අතර, තක්කාලි කිලෝවක් රුපියල් 400ක් සහ බෝංචි කිලෝවක් රුපියල් 500ක අගයක් ගන්නා බවයි අප වාර්තාකරු වැඩිදුරටත් පැවසුවේ.

එළවළු තොග වැඩි වශයෙන් වෙළඳපොළට ලැබීමත් සමඟ මෙලෙස ඒවායේ මිල ගණන් පහළ යෑමට හේතු වී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.20
00:00
Video thumbnail
ගල් බෝතලයක් රු.3700ක් වෙනවා..මිනිස්සු මොනවද බොන්නේ..දයාසිරි නැගිටලා පාර්ලිමේන්තුව දෙකක් කරයි
03:18
Video thumbnail
චාමර හොඳට අමතද්දි ජනපති අනුර පාර්ලිමේන්තුවට එයි - හිනාවත් දාගෙන බලාගෙන ඉන්න හැටි
03:10
Video thumbnail
ශ්‍රී පාද සංචාරයේ ආ මෝටර් රථයක් මෝහිණී ඇල්ලට පෙරලී සිදුවූ අනතුර
01:06
Video thumbnail
සමහර නීතිඥයින්ට අමුතු වරමක් ලැබිලනේ - මේවා ඇත්තටම විහිළුනේ..හිනා යනවනේ
12:25
Video thumbnail
ප#රදීම් ඉවසාගත නොහැකිව ළමා නිවාසයකින් තිදෙනෙක් මහ රෑ පලායයි - එහෙම ළමයින්ට ග#න්නේ කොහොමද එයාලා ?
05:53
Video thumbnail
කාදිනල් හිමි, කන්ජිපානි විරුද්ධ වුණා නම් මේක කරන්නේ නෑ ?ආණ්ඩුවේ උද්දච්ච බව මේ පේන්නේ
10:05
Video thumbnail
ජනතාවනේ 159ක් පත්කළේ - ජනතාව අන්තිම තීන්දුව ගන්න..ආණ්ඩුවයි - විපක්ෂයයි කතා දෙකක් කියන්නේ
01:33
Video thumbnail
ජනමත විචාරණයක් ඉල්ලා රුවන්වැලිනාහිමිපානන්ට සංදේශයක් දී දේව කන්නලව්වක් කරයි
02:35
Video thumbnail
මූණු විතරයි මාරුවුණේ ප්‍රතිපත්ති වෙනස්වෙලා නෑ - පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය රටට ඕනිද ?
09:16