පේරාදෙණිය රෝහලේදී මියගිය තරුණිය ගැන වාර්තාව හෙට සෞඛ්‍ය ඇමතිට

පේරාදෙණිය ශික්ෂණ රෝහලේදී පසුගිය 11 වනදා තරුණියක් මියයාම සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයට අදාළ වාර්තාව හෙට (17) තමන් වෙත භාරදෙනු ඇතැයි විශ්වාස කරන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසනවා.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකිරීම සදහා විශේෂඥ වෛද්‍යවරුන් 05 දෙනෙකුගෙන් යුත් කමිටුවක් පසුගියදා පත් කෙරුණා.

එම කමිටුවේ සාමාජිකයින් ඊයේ පේරාදෙණිය ශික්‍ෂණ රෝහලට ගොස් විමර්ශන සිදු කර තිබෙනවා.

උදරාබාධයක් හේතුවෙන් පසුගියදා පේරාදෙණිය රෝහලට ඇතුළත් කෙරුණු එම තරුණිය මියගියේ රෝහලෙන් එන්නත් දෙකක් ලබාදීමෙන් පසුව බවටයි පවුලේ ඥාතීන් චෝදනා කළේ.

අනතුරුව එම සිද්ධිය සම්බන්ධයෙන් රටේ දැඩි කතාබහක් ඇති වූ අතර ලබාදී තිබූ එන්නත පිළිබඳ තවත් පාර්ශව රැසක් අදහස් පළ කළා.

එවන් පසුබිමක් තුළ විශේෂ කමිටුවක් පත් කර විමර්ශන සිදුකිරීමටයි සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගනු ලැබුවේ.

මේ අතර අදාළ තරුණියට දුන් එන්නත් ඛාණ්ඩය තාවකාලිකව භාවිතයෙන් ඉවත් කර ඇති බව ද සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යෝෂිත රාජපක්ෂ අද නඩු විභාගයට ඇවිත් ගිය හැටි..හිනාවකුත් දාගෙන යන්නේ
01:42
Video thumbnail
ඉදිරියේ දී Strong එල්නිනෝ තත්ත්වයක්..කාලගුණයෙන් අනතුරු ඇගවීම්
08:40
Video thumbnail
විදේශගත ශ්‍රී ලාංකික මිතුරා තාම ආණ්ඩුවට හමුවෙලා නෑ..එවනවා කිව්ව ඩොලර් කෝ ?
03:06
Video thumbnail
අම්බිකා මන්ත්‍රීතුමිය බෙර දවුල් ගහලා වැසිකිළියට මුල්ගල තියන්නේ - මම දන්න ඉතිහාසයේ මෙහෙම වෙලා නෑ
02:16
Video thumbnail
මළ ගෙයක් අස්සේ මඟුල් ගෙවල් කන්නේ කොහොමද ? - අධිවේගි මාර්ගයේ ඇත්ත නැත්ත විමල් හෙළිකරයි
04:43
Video thumbnail
විමල් ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න දෙසයි - Rolls Royce ගෙනල්ලා ව්‍යාපාරිකයින්ට සුපිරි සැප දෙන්නේ
13:02
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:38:11
Video thumbnail
"මාලිමාව එලවමු" කියන ස්ටීකර් එක ගහන්නත් පැකිලෙන්නේ නෑ මහත්තයෝ..අපි හිතුවේ ජනපති සරදියල් කියලා
07:03
Video thumbnail
රිලා කරදරය ගැන හිනාවෙවී මිහින්තලේ හිමි කියයි..වන්දනාකරන අයට හ#නවා..ජපනෙක් ආවා බනිස් ගෙඩියකුත් අරගෙන
02:25
Video thumbnail
ඇඟලුම් කම්හලක ඇතිවූ ගින්නේ නවතම දර්ශන මෙන්න - දැඩි පරිශ්‍රමයක් දරා ගින්න නිවන අයුරු
01:21