ශ්‍රී ලංකා පාකිස්ථාන පළමු ටෙස්ට් තරගය අද ගාල්ලේදී

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද පෙරවරු 10ට ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වනවා.

ශ්‍රී ලංකා කණ්ඩායමේ අවසන් ටෙස්ට් තරග 8ම පැවැත්වුණේ ද ගාල්ල ක්‍රීඩාංගනයේදීයි.

ශ්‍රී ලංකා කණ්ඩායම 2021 වසරේ නොවැම්බර් මාසයේ සිට අයර්ලන්තය, පකිස්ථානය, ඕස්ට්‍රේලියාව සහ බටහිර ඉන්දීය කොදෙව්වන් සමග ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේදී ටෙස්ට් තරග ක්‍රීඩා කර ඇති අතර එම ටෙස්ට් තරඟ අටෙන් හයක් ජයගෙන තිබෙනවා.

පරාජයන් දෙකෙන් එකක් පසුගිය වසරේ පාකිස්තානය සමග පැවති තරගාවලියේදී වාර්තා වුණා.

එම තරගාවලියේ පළමු ටෙස්ට් තරගයේ දී පාකිස්තානය අවසන් ඉනිමේදී ඇදහිය නොහැකි ලෙස ලකුණු 342ක් හඹා ගිය අතර එය එම ක්‍රීඩාංගනයේ වාර්තා වූ ඉහළම සාර්ථක ලකුණු හඹා යාම ලෙසටයි සැලකෙන්නේ.

එය ඔවුන්ගේ අවසන් ටෙස්ට් ජයග්‍රහණය වූ නිසා පාකිස්තානයට එම ටෙස්ට් ජයග්‍රහණය තවමත් හොඳින් මතක ඇති.

එතැන් සිට, පකිස්ථාන කණ්ඩායම විශාල පසුබෑමකට ලක්ව ඇති අතර, ඔවුන් අවසන් වරට මුහුණ දුන් තරග හයෙන් හතරක් පරාජයට පත් වූ අතර අනෙක් දෙක ජය පරාජයෙන් තොරව අවසන් වුණා.

2022 වසරේ ගාල්ලේදී පැවැති මෙම තරගය අබාධයකට මුහුණ දුන් ෂහීන් ෂා අෆ්රිඩිගේ අවසන් ටෙස්ට් තරගය වූ අතර ඔහු යළිත් පැමිණීමෙන් පාකිස්තාන කණ්ඩායම ශක්තිමත් වී ඇති බවයි ක්‍රිකට් පුවත් සේවා පෙන්වා දෙන්නේ. නසීම් ෂා සහ හසන් අලී සිටින කණ්ඩායමකට ෂහීන් පැමිණීම ශක්තියක් ලෙසට සඳහන් කෙරෙනවා.

මේ අතර ශ්‍රී ලංකා සංචිතයට ලක්ෂිත මානසිංහ, ප්‍රභාත් ජයසූරිය, ප්‍රවීන් ජයවික්‍රම, රමේෂ් මෙන්ඩිස් සහ කමිඳු මෙන්ඩිස් මෙවර නම් කර තිබෙනවා.

දිමුත් කරුණාරත්න පසුගියදා අවසන් වූ ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගයේ අබාධයකට ලක්වීම හමුවේ තවමත් සුවය ලබමින් පසුවනවා.

තරගය ආරම්භයට පෙර ඔහුට ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයක් පැවැත්වීමට නියමිත බවටයි වාර්තා වන්නේ.

සංචිත

ශ්‍රී ලංකාව: දිමුත් කරුණාරත්න (නායක), නිශාන් මධුෂ්ක, කුසල් මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, ධනංජය ද සිල්වා, පැතුම් නිශ්ශංක, සදීර සමරවික්‍රම, කමිඳු මෙන්ඩිස්, රමේෂ් මෙන්ඩිස්, ප්‍රභාත් ජයසූරිය, ප්‍රවීන් විශාන් ජයවික්‍රම, ඩී. ප්‍රනාන්දු, ලක්ෂිත මානසිංහ

පකිස්ථානය: බබාර් අසාම් (නායක), මොහොමඩ් රිස්වාන්, අමීර් ජමාල්, අබ්දුල්ලා ෂෆීක්, අබ්රාර් අහමඩ්, හසන් අලි, ඉමාම් උල් හක්, මොහොමඩ් හුරෙයිරා, මොහොමඩ් නවාස්, නසීම් ෂා, නොමන් අලි, සල්මන් අලි ආගා, සර්ෆරාස් අහමඩ්, සවුද් ශකීල් , ෂහීන් අෆ්රිඩි, ෂාන් මසූඩ්



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46
Video thumbnail
BOI එක ආයෝජනවලට දාන්න පුළුවන් ලොකුම බාධා ටික දානවා - එන ටිකත් අවට රටවල්වලට යොමු කරනවා
03:35
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30