බෝට්ටු මඟින් ඉන්දියාවට ගිය ශ්‍රී ලාංකිකයින් 8ක් අත්අඩංගුවට

යාපනය දිස්ත්‍රික්කයේ පදිංචි පවුල් දෙකකට අයත් පිරිසක් ඊයේ (15) මෙරට සිට බෝට්ටු මඟින් නීති විරෝධීව දකුණු ඉන්දීය ධනුෂ්කොඩි වෙරළට පැමිණ සිටියදි අත්අඩංගුවට ගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

යාපනය දිස්ත්‍රික්කයේ පදිංචිය හිමි පිරිමි පුද්ගලයෙකු, කාන්තාවන් දෙදෙනෙකු හා දරුවන් පස් දෙනෙකු මෙලෙස බෝට්ටු මඟින් අනවසරයෙන් ඉන්දියාව වෙත ඇතුළුවීමේදී අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වන්නේ.

ධනුෂ්කොඩි, අසරමුණි වෙරළ තීරයට අනවසරයෙන් පැමිණ සිටි පිරිස ඉන්දීය වෙරළාරක්ෂක බලකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන පොලිසිය වෙත ඉදිරිපත් කර තිබෙනවා.

පොලිසිය වෙත ඉදිරිපත් කළ මෙම ශ්‍රී ලාංකිකයින් ඉන්දීය අධිකරණ නියෝග යටතේ මණ්ඩපම් තාවකාලික රැඳවුම් මධ්‍යස්ථානය වෙත යොමු කර ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.

ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික අර්බුද හේතුවෙන් තමන් අනවසරයෙන් බෝට්ටු මඟින් ඉන්දියාව වෙත පැමිණි බව අදාළ පිරිස එරට ආරක්ෂක අංශ වෙත පවසා තිබෙනවා.

මෙම ශ්‍රී ලාංකිකයින් 8 දෙනාගේ පැමිණීමත් සමඟ ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයෙන් පසු ඉන්දීය වෙරළට පැමිණි සරණාගතයින් සංඛ්‍යාව 265 දක්වා ඉහළ ගොස් ඇතැයි සඳහන්.

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ පසුගිය සමයේ නීතිවිරෝධී යාත්‍රා නියෝජිතයින්ට විශාල මුදලක් ගෙවා මෙලෙස කිහිප දෙනෙකු තමිල්නාඩු වෙරළට පැමිණ ඇති බවයි.

සාමාන්‍යයෙන් නීතිවිරෝධී ලෙස ඉන්දීය වෙරළට පැමිණෙන සරණාගතයින් අත්අඩංගුවට ගෙන අධිකරණ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර අධිකරණ භාරයට පත් කරනු ලබනවා.

කෙසේ වෙතත්, ශ්‍රී ලාංකික සරණාගතයින් සම්බන්ධයෙන් තමිල්නාඩු ප්‍රාන්ත රජය කිසිදු අපරාධ නඩුවක් පවරන ලෙස නියෝග කර නැහැ.

ධනුෂ්කොඩි සහ රාමේෂ්වරම් හි ඉන්දීය වෙරළට ළඟා වන සරණාගතයින් පිළිබඳව තමිල්නාඩු ප්‍රධාන අමාත්‍ය M,K, ස්ටාලින් දැනටමත් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි වෙත ලිපියක් ද යොමු කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14