කුරුන්දි විහාරය අසල උණුසුම් තත්වයක් (ඡායාරූප)

ඓතිහාසික මුලතිව් කුරුන්දි විහාරය අසල දේශපාලනඥයින් සහ ප්‍රදේශවාසීන් විසින් පොංගල් උත්සවයක් පැවත්වීමට යාමේදී දැඩි උණුසුම් තත්වයක් මතුවී තිබෙනවා.

අප වාර්තාකරු සඳහන් කළේ දේශපාලන නියෝජිතයින් ඇතුලු පිරිසක් අද (14) විහාරය අසල පොංගල් උත්සවයක් පැවත්වීමට ගත් උත්සහයක් හේතුවෙන් ඇති වූ නොසන්සුන්තාව පොලිසිය විසින් මැඩ පැවැත්වූ බවයි.

කුරුන්දි විහාර භූමියේ කිසියම් කඩාකප්පල්කාරි පිරිසක් විසින් පොංගල් උත්සවයක් පැවත්වීමට උත්සහ ගන්නා බවට විහාරාධිපති ගල්ගමුවේ ශාන්ත බෝධි හිමියන් මුලතිව් පොලිසියට පසුගිය 11 වනදා පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණා.

ඊයේ (13) මුලතිව් පොලිසිය විසින් මෙම පොංගල් උත්සවය නතර කිරීමට අධිකරණ නියෝගයක් ලබාදෙන්නැයි මුලතිව් අධිකරණයට කරුණු දක්වමින් ඉල්ලා සිටියේ යම් නොසන්සුන්තාවයක් සිදු වනු ඇති බවට වූ සැකයක් හේතුවෙන්.

කෙසේ වෙතත් මුලතිව් අධිකරණයෙන් එලෙස නියෝගයක් ලබාදීම ප්‍රතික්ෂේප කිරීම හමුවේ අද උදෑසන දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රිවරුන් ඇතුලු ප්‍රදේශවාසී පිරිසක් විසින් පොංගල් උත්සවයක් පැවත්වීමට පැමිණ තිබුණා.

විහාරාධිපති හිමියන් ඇතුලු තවත් ස්වාමීන් වහන්සේලා පිරිසක් එම අවස්ථාවේ බුද්ධ පූජා වැඩසටහනකට එක්ව සිටි අතර එම අවස්ථාවේදී පැමිණි පිරිස් විසින් පොංගල් උත්සවයක් පැවත්වීමට යාමේදී යි දෙපිරිස අතර නොසන්සුන්තාවයක් හටගෙන ඇත්තේ.

එහිදී එම ස්ථානයට පුරාවිද්‍යා නිලධාරීන් සහ මුලතිව් පොලිසිය පැමිණි අතර පුරාවිද්‍යා නිලධාරීන් විසින් එම භූමියේ ගිනි දැල්වීම ඇතුලු කටයුතුවල නීති විරෝධී භාවය පෙන්වාදී තිබෙනවා.

පැමිණි පිරිස් විසින් ගිනිදැල්වීමට යාමේදී උණුසුම් තත්වයක් හටගත් අතර පොලිස් නිලධාරීන් විසින් දැනුම්දී ඇත්තේ සාමයට බාධා කර පුරාවිද්‍යා භූමියේ නීතිය කඩ කරන පිරිස් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බැවින් වහාම නීති විරෝධී කටයුතු නතර කරන ලෙසටයි.

අනතුරුව පැමිණි පිරිස කුරුන්දි විහාර භූමියේ ගිනි නොදල්වා මල් මාලා පමණක් පූජා කර විසිර ගොස් තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේසංවේදී වූ මෛත්‍රිපාල සිරිසේන - මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ..
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51