ආසියානු සංවර්ධන බැංකුවෙන් සමෘද්ධි දෙපාර්තමේන්තුවට දැනුම්දීමක්

ආසියානු සංවර්ධන බැංකු ණය ආධාර යටතේ 2022 වසරේ සැප්තැම්බර් මාසයේ සිට දෙසැම්බර් දක්වා මාස 4ක කාලයක් මසකට රුපියල් 2,500 බැගින් ගර්භණී මවුවරුන්ට ලබා දුන් ගෙවීම් තහවුරු කර එවන ලෙසට ආසියානු සංවර්ධන බැංකුව සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබෙනවා.

මෙම වැඩසටහන යටතේ අයැදුම්කරුවෙකුට මාස 4 සඳහා රුපියල් 10,000 බැගින් ලබාදී තිබෙන අතර දිස්ත්‍රික්කයක් නියෝජනය කරමින් එක් බැංකුවක මුදල් ගෙවූ නාමලේඛනයක් ලබාදෙන ලෙසටයි දන්වා ඇත්තේ.

ඒ අනුව සමෘද්ධි බැංකුව ගර්භණී මවුවරුන්ට ගෙවීම් සිදු කළ තොරතුරු ඇතුළත් වාර්තාව මේ මස 14 දිනට පෙර ලබා දෙන ලෙසට සමෘද්ධි අධ්‍යක්ෂ ජනරාල් ආර්.පී.බී. තිලකසිරි සියලු ම දිස්ත්‍රික් ලේකම්වරුන්, සමෘද්ධි අධ්‍යක්ෂවරුන්, සමෘද්ධි සහනාධාර විෂය භාර නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

මීට අමතරව 2022 වසරේ අගෝස්තු සිට දෙසැම්බර් දක්වා සමෘද්ධි නිත්‍ය ගෙවීම් සම්බන්ධ වාර්තාවක් ද ලබා දෙන ලෙසට අධ්‍යක්ෂ ජනරාල්වරයා දැනුම් දී ඇති බව සදහන්.

බැංකු වෙත එවන ලද මුදල් ප්‍රමාණය හා පවුල් සංඛ්‍යාව ඇතුළත් කර දිස්ත්‍රික් සහනාධාර විෂය භාර නිලධාරියා වාර්තාවක් සකස් කළ යුතු බව ද හෙතෙම වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
5
+1
0
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුරයි අගමැති මෝදියි ඕපන් කරපු කෘෂි ගබඩාවට ගිය හර්ෂ
13:36
Video thumbnail
යාපනයේ තිබ්බ අවුරුදු උත්සවයකදී ජනපතිගේ කතාව කරපු දරුවාගේ හැකියාව මෙන්න
04:45
Video thumbnail
සද්දේ දැම්මට අපි නම් බය නෑ - ගැමුණුට අද හොඳටම තරහා ගිහිං
07:16
Video thumbnail
දොරට ගහපු කොල්ලා උඩින් බිමට වැටුණු හැටි
08:58
Video thumbnail
දෙන්නක් අවසන් ගමන් යවපු අනතුර - එද්දී එක්කෙනෙක් බිම අනිත් කෙනා ඇතුළේ
03:21
Video thumbnail
පරණ අවුරුදු දා රෑ සද්දෙට රේස් පැදපු අය ගැන පොලිස් පරීක්ෂණ ඇරඹෙයි
01:00
Video thumbnail
පරණ අවුරුදු දා රෑ සද්දෙට රේස් පැදපු අය ගැන පොලිස් පරීක්ෂණ ඇරඹෙයි
03:48
Video thumbnail
අලුත් අවුරුද්දේ වජිර කරපු සුපිරි කතාව
02:57
Video thumbnail
ගමක් හෙල්ලෙන්න ගහපු උණ වෙඩි - මේක නම් බලන්නම ඕන වීඩියෝ එකක්
05:07
Video thumbnail
හයි වේ එකේ දැන් තත්ත්වය මෙන්න - මීට කළින් මෙහෙම ට්‍රැෆික් එකක් දැකලා තියෙනවද ?
04:22

?