හිරුණිකාට එරෙහි නඩුව සැප්තැම්බර් 4 දක්වා කල් යයි

2015 වසරේ දෙමටගොඩ ප්‍රදේශයේ වෙළඳසැලක සේවය කළ තරුණයකු ඩිෆෙන්ඩර් රථයකින් පැහැරගෙන ගොස් අයුතු ලෙස සිරකර තර්ජනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන නඩුව අද කොළඹ මහාධිකරණය හමුවේ යළි විභාගයට ගත්තා.

කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා ඉදිරියේ යි නඩු විභාගය පැවැත්වෙන්නේ.

එහිදී විත්තිකාර හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අෂාන් ප්‍රනාන්දු මහතාගේ හරස් ප්‍රශ්නවලට පිළිතුරු දුන් සාක්ෂිකාර අමිල ප්‍රියංක අමරසිංහ නැමැත්තා කියාසිටියේ තමා මෙම පැමිණිල්ල ඉදිරිපත් කළේ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියගේ දේශපාලනය ජීවිතයට අපහාසයක් සිදු කිරීමේ අරමුණින් නොවන බවයි.

තමා වෙළඳසැලේ සේවය කරමින් සිටියදී පිරිසක් පැමිණ තමාව හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියගේ කාර්යාලයට රැගෙන ගිය බව සඳහන් කළ සාක්ෂිකරු එහිදී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය මේසයක් උඩ වාඩිවී කකුල් පද්දමින්”මම තමයි ඔයාව එක්ක එන්නෙ කිව්වේ” යනුවෙන් ප්‍රකාශ කළ බව ප්‍රකාශ කළා.

ඒ අනුව මෙම සිද්ධියට හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සම්බන්ධ බවත් ඇය තමන්ට තර්ජනය කළ බවත් සාක්ෂිකරු කියාසිටියා.

මෙහිදී විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අෂාන් ප්‍රනාන්දු මහතා සාක්ෂිකරුට ප්‍රශ්නයක් යොමු කරමින් සාක්ෂිකරු අධිකරණය හමුවේ ප්‍රකාශ කරන කරුණු බොහෝමයක් ඔහු විසින් පොලිසියට ලබාදී ඇති කටඋත්තරයේ සඳහන් කර නොමැති බවත් පෙන්වා දුන්නා.

විත්තිකාරියගේ දේශපාලන ජීවිතය විනාශ කිරීමේ අරමුණින් බොරු සාක්ෂි ලබා දෙන බවට විත්තියේ නීතිඥවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවක් ප්‍රතික්ෂේප කළ සාක්ෂිකරු සඳහන් කළේ තමන් අධිකරණය හමුවේ ප්‍රකාශ කරන්නේ සත්‍ය පමණක් බවයි.

මාධ්‍ය මගින් ප්‍රසිද්ධියක් ලබා දී විත්තිකාරිය ගේ දේශපාලන ජීවිතයට අපහාසයක් සිදු කිරීමේ අරමුණින් මෙම නඩුව ඉදිරිපත් කර ඇති බවට විත්තිය විසින් ඉදිරිපත් කළ යෝජනාව ද සාක්ෂිකරු විසින් ප්‍රතික්ෂේප කළා.

තමා මෙම පැමිණිල්ල ඉදිරිපත් කළේ ද්වේශසහගත චේතනාවකින් නොවන බවත් සාධාරණය අපේක්ෂාවෙන් පමණක් තමා මෙම පැමිණිල්ල ඉදිරිපත් කළ බවත් සාක්ෂිකරු අධිකරණය හමුවේ කියා සිටියා.

ඉන් අනතුරුව සිද්ධිය සම්බන්ධයෙන් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය මාධ්‍ය සාකච්ඡාවක දී දැක් වූ අදහස් අඩංගු වීඩියෝවක් ද අධිකරණය හමුවේ වාදනය කරමින් කොළඹ අපරාධ කොට්ඨාශයේ පොලිස් පරීක්ෂක මහේෂ් රුවන් ගුරුසිංහ මහතාගෙන් සාක්ෂි විමසීම සිදුකළා.

අනතුරුව වැඩිදුර අඩු විභාගය සැප්තැම්බර් මස සඳහා 4 වනදා දක්වා කල් තැබුණා.

2015 වසරේ දෙසැම්බර් මස 21 වන දා දෙමටගොඩ ප්‍රදේශයේ පිහිටි වෙළෙඳ සැලක සේවය කළ අමිල ප්‍රියංක අමරසිංහ නමැති තරුණයකු ඩිෆෙන්ඩර් රථයකින් පැහැරගෙන ගොස් අයුතු ලෙස සිරකර තබා තර්ජනය කිරීම සම්බන්ධයෙන් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබෙනවා.

මෙම නඩුවේ විත්තිකරුවන් ලෙස හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියගේ ආධාරකරුවන් අට දෙනෙකු ද නම් කර තිබූ අතර ඔවුන් මීට පෙර අධිකරණය හමුවේ වරද පිළිගැනීමෙන් අනතුරුව අත්හිටවූ සිර දඬුවම් හා දඩ මුදල් ද නියම කර තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16