CID ගිය සරසවි සිසුවා දිවි නසා ගැනීමට තැත් කිරීම ගැන පරීක්ෂණ

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සම සෞඛ්‍ය පීඨයේ දෙවන වසරේ සිසුවෙකු නේවාසිකාගාරයේ දී ගෙළ වැලලගෙන මිය යාමට උත්සාහ කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විශ්ව විද්‍යාලය සහ පේරාදෙණිය පොලිසිය ඒකාබද්ධ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

මිට මාස හයකට පමණ පෙර පේරාදෙණිය සරසවියේ නවක සිසුන් පිරිසකට අන්තර්ජාලය ඔස්සේ අසභ්‍ය දර්ශන සහිත විඩියෝ සහ ඡායාරූප යොමු කර ඔවුන් නවක වදයට ලක් කළ බව කියන සිද්ධියක සැකකරුවෙකු වන මෙම සිසුවා මඩකලපුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

ඔහු නවක වදය ලබාදීමේ සිද්ධියට අදාළව ප්‍රශ්න කිරීම සඳහා පසුගිය 07 වනදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබූ බවටයි පරීක්ෂණ මගින් අනාවරණය වී ඇත්තේ.

සියදිවි හානිකර ගැනීමට තැත්කළ සිසුවා සේනක බිබිලේ නේවාසිකාගාරයේ නවාතැන් ගෙන සිට තිබෙනවා.

ඔහු සමඟ කාමරයේ නවාතැන් ගෙන සිටි අනෙක් සිසුවා 07 වනදා රාත්‍රී 11ට පමණ ආහාර ගෙන ඒමට කාමරයෙන් පිටතට ගොස් ඇති අතර යළි පැමිණි අවස්ථාවේ මිතුරා කාමයේ දොර විවෘත නොකළ බැවින් ජනේලයකින් කාමරය තුළ බැලීමේ දී ඔහු බිම වැටී සිටිනු දුටු බවටයි ප්‍රකාශ කර ඇත්තේ.

පසුව තවත් සිසුන් පිරිසකගේ සහාය ඇතිව කාමරයට ඇතුළු වී වැටී සිටි සිසුව රෝහල් ගත කිරීමට පියවර ගත් බවටයි සියදිවි හානිකර ගැනීමට තැක් කළ සිසුවා සමඟ කාමරයේ සිටි අනෙක් සිසුවා පොලිසියට ප්‍රකාශ කර තිබෙනවා.

දිවි හානිකර ගැනීමට තැත් කළ සිසුවා මේ වනවිට පේරාදෙණිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන අතර ඔහු ගේ තත්ත්වය බරපතල නොවීම හේතුවෙන් සාමාන්‍ය වාට්ටුවකට යොමු කිරීමට වෛද්‍යවරුන් පියවර ගෙන ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

WhatsApp මගින් නවක සිසු පිරිසකට අසභ්‍ය වීඩියෝ සහ ඡායාරූප යොමුකර ඒවා සම්බන්ධයෙන් අදහස් දක්වන ලෙස ජ්‍යෙෂ්ඨ සිසුන් පිරිසක් ප්‍රකාශ කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් මීට මාස 6කට පමණ පෙර විශ්ව විද්‍යාලය මගින් පරීක්ෂණයක් ආරම්භ කර තිබුණා.

ඒ සම්බන්ධ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමුකර තිබූ අතර එහිදී ඊට සම්බන්ධ බවට සැක කළ සිසුන් තිදෙනෙකුට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙසටයි දැනුම් දී තිබී ඇත්තේ.

එම සිසුන් තිදෙනා අතරින් එක් අයෙකු වන ගෙළ වැලලා ගැනීමට තැත්කළ සිසුවා පසුගිය 07 වනදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගොස් ප්‍රකාශයක් ලබාදී තිබුණා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් තමන්ට පහර දී ජංගම දුරකතනය ද ඔවුන් ගේ භාරයට ගෙන තම ශිෂ්‍යභාවය ද අහෝසි කිරීමට කටයුතු කරන බවට ප්‍රකාශ කළ අතර ඒ සම්බන්ධයෙන් සිත් තැවුලට පත්ව තමන් සියදිවි හානිකර ගැනීමට උත්සහ කළ බවට මෙම සිසුවා පොලිසියට ප්‍රකාශ කර ඇතැයි සඳහන්.

නවක වදය ලබාදීමේ සිද්ධියේ විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යටතට ගැනීමෙන් පසු එම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් පේරාදෙණිය විශ්ව විද්‍යාලයට පැමිණ තිබූ අතර ඒ සම්බන්ධයෙන් ශිෂ්‍ය සංගම් ද දැඩි විරෝධය පළකර තිබුණා.

සිද්ධිය සම්බන්ධයෙන් පේරාදෙණිය පොලිසිය සහ විශ්ව විද්‍යාල පාලනාධිකාරිය මගින් පරීක්ෂණ දෙකක් සිදු කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
2027 අයවැයෙන් ජනතාවගේ බදු බර ඉවත් කළ යුතුයි
07:28
Video thumbnail
විපක්ෂ නායක සජිතුත් පොත් ප්‍රදර්ශනයට යයි
00:51
Video thumbnail
පොලිස් නිලධාරින් දැනුම දියුණු කරගෙන නෑ - එහෙම වුණාම අපි හෑල්ලුවට පත් වෙනවා
04:42
Video thumbnail
බුත්තල පොලිස් ස්ථානාධිපති නිල නිවස පොලිස්පතිගේ අතින් විවෘත කරයි
01:01
Video thumbnail
පාර්ලිමේන්තුවේ එහා පැත්තේ ඉදලා මෙහා පැත්තට බෝලේ යවන්න ඕනි නෑ - මාව හමුවෙන්න පුළුවන්..
05:15
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි බිහිසුණු අනතුරක් - "දඩාන් ගාලා වැදුණා..රවුම් තුනක් පෙරලිලා ගියා"
02:15
Video thumbnail
ජීවන බර දරාගන්න බැරුව පාරට බැස්ස කට්ටිය ආණ්ඩුවට සැරටම අමතයි
02:11
Video thumbnail
සජබ මන්ත්‍රීලා එක්ක දිවුලපිටියයේ වැඩිහිටියන් ගත්ත Fun එක - හරි සතුටින් Dance කරන හැටි
03:45
Video thumbnail
පොහොට්ටුවේ ප්‍රබලයෝ රැසක් හොරණ දී රැස්වෙයි
00:47
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34