පාකිස්ථාන කණ්ඩායම ලෝක කුසලානයට සහභාගී කිරීමට ගැන සොයන්න විශේෂ කමිටුවක්

පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායමට එක්දින ලෝක කුසලාන සඳහා සහභාගීවීමට අනුමැතිය ලබාදීම සම්බන්ධයෙන් සොයාබැලීමට ඉහළ පෙළේ කමිටුවක් පත්කර තිබෙනවා.

පාකිස්ථාන අග්‍රාමාත්‍යවරයා විසින් මෙම කමිටුව පත්කර ඇති අතර, විදේශ අමාත්‍ය බිලාවල් භූතෝ, අභ්‍යන්තර කටයුතු අමාත්‍ය රනා සනාවුල්ලා, නීතිය හා අධිකරණ අමාත්‍ය අසාම් නසීර් සහ පාකිස්ථානයේ බුද්ධි අංශ ප්‍රධානීන් කිහිප දෙනෙක් මෙම කමිටුවට ඇතුළත්.

පාකිස්ථාන කණ්ඩායමේ ඉන්දීය සංචාර සැලසුම් කිරීම පිළිබඳ නිර්දේශ ඉදිරිපත් කිරීම මෙම කමිටුවේ ප්‍රධාන කාර්යය වී තිබෙනවා.

එළඹෙන ඔක්තෝම්බර් මාසයේ ඉන්දියාවේ දී පැවැත්වෙන එක්දින ක්‍රිකට් ලෝක කුසලානය සඳහා සහභාගීවීමට පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායම, එරට අග්‍රාමාත්‍ය ෂෙබාස් ෂරීෆ්ගෙන් සහ රජයේ තවත් අංශ කිහිපයකින් අවසර ඉල්ලා ලිඛිතව ඉල්ලීම්කර තිබුණා.

පාකිස්ථානය සහ ඉන්දියාව අතර පවතින දේශපාලනික පසමිතුරුකම් හේතුවෙන් පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායමට ඉන්දියාව බලා යෑමට පාකිස්ථාන රජයෙන් අවසර ලබාගත යුතු වනවා.

මේ අතර තමන් ඇතුළු කණ්ඩායම ඉන්දියාවේ ඕනෑම ස්ථානයක තරග කිරීමට සූදානම් බව පාකිස්ථාන ක්‍රිකට් නායක බාබර් අසාම් පවසා තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
1
+1
0
+1
3
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දසවන ජනාධිපතිවරු ගැන දුමින්ද කිව්ව දේ - ඔක්කොම යාළුවෝ..නාමල් වෙනස් වෙමින් යනවා
06:02
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.02
01:48:41
Video thumbnail
කවුද ආණ්ඩුව පෙරලන්න හැදුවේ..මම නම් කැමති මේ ආණ්ඩුව අවුරුදු 5ම යනවට
01:02
Video thumbnail
ආණ්ඩුවේ බොරුව නිසා මැති ඇමතිලගේ පුතාලට වෙලා තියෙන දේ..පිට්ටනියට යන්න බැරුව ඇති
07:50
Video thumbnail
දුමින්ද දිසානායක ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න දෙසයි - ගමේ රැස්වීම්වල මිනිස්සු 50ක්වත් නෑනේ
04:13
Video thumbnail
අපිට බල කරපු නාමල් දැන් කොහෙද ඉන්නේ ? දැන් පොහොර නෑනේ මේ රටේ
02:33
Video thumbnail
උගන්ඩා කුමාරිට දුමින්ද හොඳ පදෙන්ම අමතයි - කිසි ගානක් නැතුව මෙච්චර බොරු කියන්නේ..
03:40
Video thumbnail
චාමර සම්පත් තමයි මොන දේටත් පෙනී ඉන්නේ..විපක්ෂයේ ප්‍රතික්ෂේපවීමට හේතුව අහන්න ඕනි සජිත්ගෙන්
06:06
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:38:40
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු එන්නද යන්නේ ? - එයාලා පෙරළගත්තොත් රට බාරගන්න කෙනෙක් ඉන්න ඕනි
02:37