රේගු බහාලුම් පරීක්ෂණ අංගන තුල තදබදයක්

ඔරුගොඩවත්ත රේගු පරික්ෂණ ස්ථානය අවට ප්‍රදේශයේ ආනයනික කන්ටේනර් බාහලුම් රථ විශාල සංඛ්‍යාවක් රැඳී තිබීම හේතුවෙන් තදබදයක් හටගෙන තිබෙනවා.

ඔරුගොඩවත්ත ඉඟුරුකඩේ හන්දිය සහ තොටලඟ යන ප්‍රදේශවල මාර්ගය දෙපස මෙම කන්ටේනර් රථ දක්නට ලැබෙන බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

බහාලුම් පරීක්ෂා කිරීමට කල්ගත වීම හේතුවෙන් මෙම තදබදය නිර්මාණය වී ඇති බවටයි චෝදනා එල්ල වන්නේ.

රේගු මාධ්‍ය ප්‍රකාශක සහ ජ්‍යෙෂ්ඨ රේගු අධ්‍යක්ෂ සුදත්ත සිල්වා සඳහන් කළේ ඊයේ (06) සිට රේගු බහාලුම් පරීක්ෂණ අංගන තුල යම් තදබදයක් හටගෙන ඇති බවයි. ඊට ප්‍රධාන හේතුව වී ඇත්තේ පසුගිය සති අන්තයේ පැවති දින 5ක දීර්ඝ නිවාඩුව බවයි ඔහු පෙන්වා දෙන්නේ.

පසුගිය කාලය තුල සාමාන්‍යයෙන් දිනකට ශ්‍රී ලංකාවට බහාලුම් 1000ක් පමණ ආනයනය සිදුවී තිබෙනවා.

පසුගිය දින 5ක දීර්ග නිවාඩුවෙන් පසු 4 වන දින බහාලුම් 1289ක් සහ 5 වන දින බහාලුම් 1498ක් වශයෙන් ආනයනය සිදුවී ඇති බවයි රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

මෙම බහාලුම් පරීක්ෂණ අංගන වෙත පැමිණීම ඊයේ සිට සිදු වූ අතර එය බහාලුම් අංගනවල ධාරිතාවය ඉක්මවා යාමක්.

මේ අනුව අද ශ්‍රී ලංකා රේගුවේ අවදානම් කළමනාකරණ කමිටුව රැස් වී බහාලුම් පරික්ෂා කිරීම කඩිනම් කිරීමට අවශ්‍ය ක්‍රමවේද ක්‍රියාත්මක කර ඇති අතර ඒ අනුව මෙම තදබදය හෙට දිනය වන විට අවසන් වනු ඇති බවටයි ශ්‍රී ලංකා රේගුව විශ්වාසය පළ කරන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජිනානන්ද හිමිගෙන් ආණ්ඩුවට චෝදනා - පැලවත්තේ කල්ලිය රටට එරෙහි කුමන්ත්‍රණයක් කරනවා ?
01:38
Video thumbnail
පිරිසිදු ජල සිහිනය සිහිනයක්ම නොවෙන්න දුන් සජිත් ප්‍රේමදාස - ගොඩක් පින් සිද්ධවෙනවා..උතුම් වැඩක්
03:38
Video thumbnail
අනුර සහෝදරයෝ පාස්පෝට් එක දීලා කොට්ටහච්චිව යවන්න සල්ලි ගේන්න උගණ්ඩාවට..
00:22
Video thumbnail
අත්බෝම්බ ප්‍ර#රයෙන් පසු ප්‍රදේශයට දැඩි ආරක්ෂාවක් - හතර වටේම STF එක දාලා
01:25
Video thumbnail
දවස් පහේ ජනපතිලා ඉන්නේ..සෙනසුරාදා, ඉරිදා නිවාඩුද කොහෙදෝ - රට හදන්න ඉස්සර ඔයාගේ ලේකම් හදාගන්න
07:18
Video thumbnail
22 ගැන වාසුදේව කට අරියි - තීන්දු ලැබෙන්නත් ඉස්සර සැක කරන අය තමයි පෙත්සම් ගේන්නේ
02:46
Video thumbnail
ජනාධිපති ලේකම් කාර්යාලය අසල උණුසුම් - 8 - 5 ජනපති නෙවෙයිනේ..කාර්යය මණ්ඩලයේ කවුරුත් නෑ
07:48
Video thumbnail
නාමල්ව සජබයටනම් අභියෝගයක් වෙලා නෑ..දැනෙන්නේවත් නෑ - ඊළඟ විකල්පය සජිත්
04:06
Video thumbnail
බොන වතුරේ තියෙන්නේ ගල් කුඩු - බොන්න බෑ මුත්‍රා දැවිල්ලයි..දරුවෝ කෑගහනවා
07:29
Video thumbnail
අපි ඉස්සරහට අවු:40ක් වෙනකල් ත්‍රීවිල් පදින්න දෙන්නේ නෑ - අනාගතය තියෙන්නේ අධ්‍යාපනය අතේ
02:49