ෆේස්බුක් හිමිකරුගෙන් ලොව සුපිරි ධනවතාට අභියෝගයක්

මාර්ක් සකර්බර්ග් හිමිකාරීත්වය දරණ මෙටා සමාගම “ත්‍රෙඩ්ස්” නමින් නව යෙදවුමක් නිල වශයෙන් හඳුන්වා දී තිබෙනවා.

එය නිර්මාණය කර ඇත්තේ ලොව අංක එකේ ධනවතා වන එලෝන් මස්ක්ගේ ට්විටර් යෙදවුම සමග තරග කිරීමට බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

“ත්‍රෙඩ්ස්”යනු නව යෙදුමක් වුවද, එය ඉන්ස්ටර්ග්‍රෑම් හි සන්නාම සහ ව්‍යුහය යටතට අයත් වනු ඇතැයි ද සඳහන්.

ත්‍රෙඩ්ස් යෙදවුම මගින් එහි පරිශීලකයින්ට පහසුවෙන් ලොග් වීමට සහ ඔවුන්ගේ මිතුරන් සමග සමාජ මාධ්‍ය සම්බන්ධතා කිසිදු බාධාවකින් තොරව සිදුකිරීමට ඉඩ සලසා තිබෙනවා.

ත්‍රෙඩ්ස් යෙදවුම මගින් ද පුද්ගලයන්ට සිය අදහස් පළ කිරීමට සහ අන් අයගෙන් ලැබෙන පණිවිඩවලට ප්‍රතිචාර දැක්වීමට හැකි බව ද සඳහන්.

කෙසේවෙතත් මෙටා සමාගමට අයත් “ත්‍රෙඩ්ස්”යනු එලොන් මස්ක්ට අයත් ට්විටර් යෙදවුම වෙත මෑතකාලීනව එල්ල වූ විශාලතම අභියෝගය බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

කෙසේවෙතත් ව්‍යාපාරික ලෝකයේ සිය ප්‍රතිවාදියා වන මාර්ක් සක්ර්බර්ග් විසින් හඳුන්වා දුන් නව යෙදවුම සම්බන්ධයෙන් එලෝන් මස්ක් ද ප්‍රතිචාර දක්වා තිබෙනවා.

ඒ අනුව එලෝන් මස්ක් පවසන්නේ ත්‍රෙඩ්ස් යනු හුදෙක් ඉන්ස්ටර්ග්‍රෑම් හි අනුරුවක් පමණක් බවයි.

එවන් පසුබිමක් තුළ සිය නව යෙදවුම එළිදක්වමින් මාර්ක් සකර්බර්ග් එලෝන් මස්ක් වෙත ද ප්‍රතිචාර දක්වා තිබුණා.

ඒ අනුව වසර 11 ක් පුරා සිය ට්විටර් ගිණුම හරහා නිහඬව සිටි මාර්ක් සකර්බර්ග් අද උදෑසන එම නිහඬතාව බිඳදමමින් සිය ට්විටර් ගිණුමට ඡායාරූපයක් එක් කර තිබුණා.

එහි දැක්වෙන්නේ ස්පයිඩර් මෑන් ලෙස දැක්වෙන පුද්ගලයෙකු එවැනිම ඇඳුමකින් සැරසී සිටින තවත් පුද්ගලයෙකු වෙත සිය ඇඟිල්ලක් දිගු කොට අභියෝගයක් එල්ල කරන ආකාරයයි.

මාර්ක් සකර්බර්ග් විසින් කිසිඳු අදහස් දැක්වීමකින් තොරව එම ඡායාරූපය පමණක් සිය ට්විටර් ගිණුමට එක් කර තිබීම ද විශේෂත්වයක් වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18