මොහු ගැන තොරතුරක් දන්නවා ද ?

නිවාස ඉදිකර දෙන බව සහ ණය පහසුකම් මත නිවස ලබාදෙන බව පවසමින් පුද්ගලයින්ගෙන් කෝටි ගණනක මුදලක් වංචාකළ පුද්ගලයෙක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය මහජනතාවගෙන් සහාය පතනවා.

මෙම පුද්ගලයා සම්බන්ධයෙන් යම් තොරතුරක් ඇත්නම් 071 8591641 / 011 – 2852556 හෝ 071- 8137373 යන දුරකථන අංක වෙත දැනුම් දෙන ලෙසට පොලිසිය දැනුම් දෙනවා.

පුද්ගලික සමාගමක හිමිකරුවෙකු ලෙස පෙනී සිටිමින් මොහු මෙම මූල්‍ය වංචාවන් සිදුකර ඇති අතර, සැකකරුට එරෙහිව පුද්ගලයින් 14 දෙනෙකු නුගේගොඩ කොට්ඨාශයේ මිරිහාන විශේෂ අපරාධ විමර්ශන අංශය වෙත පැමිණිලි සිදුකර තිබෙනවා.

සැකකරුගේ ඡායාරූපය පහතින්..

2 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
15
+1
30
+1
7
+1
5
+1
9
+1
14
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?