ලොව මානව වටිනාකම් බවට පත්වෙමින් ඇති ඉන්දීය සාරධර්ම ගැන අගමැති මෝදි කියයි

ප්‍රජාතන්ත්‍රවාදය, සමානාත්මතාව සහ අන්‍යෝන්‍ය ගෞරවය වැනි ඉන්දීය සාරධර්ම මානව වටිනාකම් බවට පත්වෙමින් පවතින බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ප්‍රකාශ කළා.

දිල්ලි විශ්වවිද්‍යාලයේ ශත සංවත්සර උත්සවයට පසුගියදා එක්වෙමින් ඔහු සඳහන් කළේ ඉන්දියාවේ පොහොසත් අධ්‍යාපන ක්‍රමය රටේ සමෘද්ධියට දායක වූ බවයි.

ඇමරිකාව සමඟ ඇති කර ගත් දැනට විවේචනයට තුඩු දී තිබෙන සහ නැගී එන තාක්‍ෂණය පිළිබඳ මුලපිරීම (ICET) පිළිබඳව ද මෝදි මෙහිදී සඳහන් කළා.

ඔහු පෙන්වා දුන්නේ එමඟින් රටේ තරුණ තරුණියන්ට කෘත්‍රිම බුද්ධියේ සිට විවිධ ක්ෂේත්‍රවල නව අවස්ථා නිර්මාණය කරන බවයි.

තරුණ තරුණියන්ට ළඟාවිය නොහැකි තාක්‍ෂණයන් වෙත ප්‍රවේශ වීමටත් නිපුණතා සංවර්ධනය වැඩිදියුණු කිරීමටත් එමඟින් හැකිවනු ඇති බවට ඔහු විශ්වාසය පළ කරනවා.

මයික්‍රොන්, ගූගල් වැනි සමාගම් ඉන්දියාවේ ආයෝජනය කිරීමට තීරණය කර ඇති බවත් එය තරුණ තරුණියන්ට දීප්තිමත් අනාගතයක් පිළිබඳ දර්ශනයක් සපයන බවත් අග්‍රාමාත්‍යවරයා පවසනවා.

ඉන්දීය අගමැතිවරයා දිල්ලි විශ්වවිද්‍යාලයට ළඟා වී තිබුණේ මෙට්‍රෝ මාර්ගය ඔස්සේයි.

එහිදී ද ඔහු සිසුන් සමඟ අදහස් හුවමාරු කර ගෙන තිබුණා.

දිල්ලි විශ්වවිද්‍යාලය යනු විශ්ව විද්‍යාලයක් පමණක් නොව ව්‍යාපාරයක් බව සඳහන් කළ ඉන්දීය අගමැතිවරයා සියවස් සැමරුම වෙනුවෙන් සෑම සිසුවෙකුටම, ගුරුවරයෙකුට සහ විශ්ව විද්‍යාලයට සම්බන්ධ සැමට සුබ පැතුම් එක් කළා.

දැනුමේ වැදගත්කම අවධාරණය කළ අග්‍රාමාත්‍යවරයා, ඉන්දියාවට නාලන්දා සහ තක්ෂිලා වැනි විශ්වවිද්‍යාල තිබූ සමයේ ඉන්දියාව සෞභාග්‍යයේ උච්චතම ස්ථානයක පැවති බව සඳහන් කළා.

ඉන්දියාවේ සෞභාග්‍යයේ වාහකයා බවට පත්ව ඇත්තේ ඉන්දියාවේ පොහොසත් අධ්‍යාපන ක්‍රමයබව ද මෝදි සඳහන් කර සිටියා.

නිදහසින් පසු, දක්ෂ තරුණ පරපුරක් බිහිකරමින් පශ්චාත් නිදහස් ඉන්දියාවේ ශක්තිමත් සංයුක්ත හැඩයක් ලබාදීමට විශ්වවිද්‍යාල තීරණාත්මක කාර්යභාරයක් ඉටු කළ බවත් දිල්ලි විශ්වවිද්‍යාලය ද ඒ සඳහා විශාල දායකත්වයක් ලබාදුන් බවත් ඔහු පෙන්වා දුන්නා.

දිල්ලි විශ්වවිද්‍යාලය 1922 මැයි 01 වන දින ආරම්භ කරන ලද අතර පසුගිය වසර සියය තුළ එය විශාල ලෙස වර්ධනය වී පුළුල් වී මේ වනවිට අධ්‍යයන අංශ 86ක්, විද්‍යාල 90ක් සහ සිසුන් ලක්ෂ 6කට වඩා අධ්‍යාපනය ලබා දී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14