අළු බඳුන රත් කළ බෙයාර්ස්ටෝගේ කඩුල්ල (වීඩියෝ)

අළු බඳුන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවන තරගය ඊයේ (02) අවසන් වුණේ ඕස්ට්‍රේලියානු කණ්ඩායමට ලකුණු 43ක ජයක් හිමිකර දෙමින්.

මෙම තරයේ දී සිදුවූ ආන්දෝලනාත්මක සිදුවීම කිහිපයක්ම ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ කතා බහට ලක් වූ මාතෘකාවන් බවට පත් වුණා.

මෙහිදී එංගලන්ත දෙවන ඉනිමේ ජොනී බෙයාර්ස්ටෝගේ දැවීයාම වැඩි දෙනෙකුගේ අවදානයට ලක් වූ සිදුවීමක් වූ අතර, එංගලන්ත ප්‍රේක්ෂකයින්ගේ දැඩි අප්‍රසාදයට ලක්වූ සිදුවීමක් බවට මෙම දැවීයාම පත් වුණා.

කැමරන් ග්‍රීන් යැවූ බවුන්සර් පන්දුවක් හමුවේ හිස පහත් කරමින් පන්දුව කඩුලු රකින්නා අතට යෑමට සලස්වමින් ආරක්ෂාවන බෙයාර්ස්ටෝ තම ක්‍රීස් එකෙන් ඉවතට පැමිණෙනවා.

එහිදී ඕස්ට්‍රේලියානු කඩුලු රකින ක්‍රීඩක ඇලෙක්ස් කේරී එම පන්දුව කඩුල්ල දෙසට දමා ගසන අතර එය කඩුල්ලේ වැදීමෙන් පසු බෙයාර්ස්ටෝ දැවී ගිය ක්‍රීඩකයෙකු ලෙස ඕස්ට්‍ර්ලියානු ක්‍රීඩකයින් ඉල්ලා සිටිනවා.

කෙසේ වෙතත් පිටියේ විසිනුරුවරුන් එම තීරණය ලබාදීම තෙවැනි විනිසුරුවරයා වෙත භාරදෙන අතර, රූපවාහිනී විනිසුරු මාරයිස් ඉරැස්මස්ගේ සමාලෝචනයෙන් පසු ජොනී බෙයාර්ස්ටෝ දැවීගිය ක්‍රීඩකයෙකු ලෙස නම්කරනු ලබනවා.

එම අවස්ථාවේ දී ලෝර්ඩ්ස් පිටියේ තරග නරඹමින් සිටි දහස් සංඛ්‍යාත එංගලන්ත ප්‍රේක්ෂකයින් බෙයාර්ස්ටෝ දැවීගිය ක්‍රීඩකයෙකු ලෙස නම්කිරීම පිළිබඳව සිය අප්‍රසාදය පළකර සිටිනවා.

එහිදී “ඕස්ට්‍රේලියානුවන් සෑම විටම වංචා කරනවා” යනුවෙන් එක හඬින් ගායනා කරමින් විනාඩි කිහිපයක් පුරාම ක්‍රීඩාංගණය තුළ ඝෝෂා කිරීමට එංගලන්ත ප්‍රේක්ෂකයින් කටයුතු කරනු ලැබුවා.

අදාළ සිදුවීමේ වීඩියෝව පහතින්..

https://www.facebook.com/englandcricket/videos/787790459497613/



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31