පාකිස්ථානය එක්දින ලෝක කුසලානයට යන්න අවසර ඉල්ලයි

එළඹෙන ඔක්තෝබර් මාසයේ දී පැවැත්වෙන එක්දින ක්‍රිකට් ලෝක කුසලානය සඳහා ඉන්දියාවට යාමට නිල අවසරය ඉල්ලා පාකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් විශේෂ ලිපියක් යොමුකර ඇති බව වාර්තා වනවා.

පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙබාස් ෂරීෆ්ට සහ අභ්‍යන්තර හා විදේශ අමාත්‍යාංශයට වෙත අදාළ ලිපිය එරට ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් යොමුකර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

දෙරට අතර පවතින දේශපාලන සබඳතා පළුදු වීම හේතුවෙන් ඉන්දියාවේ සංචාරය කිරීමට රජයේ අවසරය අවශ්‍ය වන බැවින් එම අවසරය ඉල්ලමිනුයි මෙලෙස ලිපියක් යොමුකර ඇත්තේ.

රජයේ අවසරයකින් තොරව පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායම ඉන්දියාවට ගමන් නොකරනු ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

මේ අතර පාකිස්තානයේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන 2023 ආසියානු කුසලාන තරගාවලිය සඳහා ඉන්දීය කණ්ඩායම පාකිස්ථානයට යෑම මේ වනවිටත් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

ඒ, අනුව ආසියානු කුසලානයේ ඉන්දියාව සහභාගීවන තරග ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමටයි මේ වනවිට තීරණය කර ඇත්තේ.

එවන් පසුබිමක එක්දින ලෝක කුසලානය වෙනුවෙන් පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායමට එරට රජයෙන් ඉන්දියාවේ සංචාරය සඳහා අවසර හිමිවේ ද යන්න පිළිබඳව ලොවපුරා සිටින ක්‍රිකට් ලෝලීන් බලා සිටිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26