වෛද්‍යවරයකු ලෙස පෙනී සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට

මියගිය වෛද්‍යවරයෙකුගේ ලියාපදිංචි අංකය භාවිතා කරමින් වෛද්‍යවරයකු ලෙස පෙනී සිට පානදුර උතුර සරික්කමුල්ල ප්‍රදේශයේ ව්‍යාජ වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගිය පුද්ගලයෙකු සහ ඔහුට සහාය දැක්වූ කාන්තාවක් අත්අඩංගුවට බව පානදුර වලාන මධ්‍යම දුෂණ මර්ධන ප්‍රහාරක බලකාය කියයි

එම වෛද්‍ය මධ්‍යස්ථානය තුළ තිබී ගබ්සා පෙති ඇතුළු රුපියල් කෝටියකට අධික වටිනා ඖෂධ තොගයක් පොලිස් භාරයට බවත් ඒ අතර කල් ඉකුත් වූ ඖෂධ තිබෙන බවත් පොලිසිය සඳහන් කරයි

වෛද්‍යවරයෙකුට තිබිය යුතු අවම සුදුසුකමක් වත් නොමැති පුද්ගලයකු වෛද්‍ය මධ්‍යස්ථානයක් පවත්වාගෙන යමින් කුඩා දරුවන්ගේ සිට වයෝවෘද්ධ පුද්ගලයා දක්වා ප්‍රතිකාර ලබා දෙන බවට පානදුර වලාන මධ්‍යම දුෂණ මර්ධන ප්‍රහාරක බලකායේ අධ්‍යක්ෂක සහකාර පොලිස් අධිකාරී උදය කුමාර මහතාට ලද තොරතුරකට අනුව වැටලීම සිදුකර ඇත
එම බලකායේ පොලිස් සැරයන් (428) ජයලාල් සහ කාන්තා පොලිස් කොස්තාපල් (13090) රිහාරි මහත්ම මහත්මීන් අඹු සැමි යුවළක් ලෙස ප්‍රතිකාර ලබා ගැනීමේ මුවාවෙන් ගොස් වෛද්‍ය සහතිකයක් ද ලබාගෙන තිබූ බව පොලිසිය කියයි

අනතුරුව එම වෛද්‍ය සහතිකයේ සඳහන් නිල මුද්‍රාවේ තොරතුරු වෛද්‍ය සභාව වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව වර්ෂ 1968 දී ලියාපදිංචි වුවද එය සක්‍රීය ලෙස පවත්වාගෙන ගොස් නොතිබූ බවද අනාවරණය වී ඇත

ඒ සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදු කිරීමේදී ඒ ආකාරයෙන් වෛද්‍ය මධ්‍යස්ථානය පවත්වාගෙන ගිය පුද්ගලයා මීට වසර එකහමාරකට පෙර මිය යාමෙන් අනතුරුව සැකකරු වෛද්‍යවරයකු ලෙස පෙනී සිට ප්‍රතිකාර ලබාදී ඇති බවට අනාවරණ වූ බව වැටලීම සිදු කළ පොලිස් නිලධාරියකු පැවැසීය

ඉංග්‍රීසි භාෂාව හැසිරවීම පමණක් සැකකරුට ඇති එකම සුදුසුකම බවට මේ වන විට තහවුරු වී ඇති අතර චීනයේන් උපාධියක් ලබාගත් බව පැවසුව ද ඒ බව තහවුරු කිරීම සඳහා සැකකරු අපොහොසත් වූ බව පොලිසිය කියයි

වෛද්‍ය මධ්‍යස්ථානයේ වටලා ඇති බවට සැකකරුගේ පවුලේ සමීප ඥාතීන්ට දැනගැනීමට ලැබීමත් සමගම ඔවුන් පැමිණ ඉල්ලන මුදලක් ලබා දෙන බව පවසා අල්ලස් ලබාදී සැකකරු මුදා ගැනීමට දැඩි පෙරැත්ත කල උසස් පොලිස් නිලධාරියකු පැවැසීය

ඔහු රෝගීන් පරික්ෂා කර සටහන් කරන ඖෂධ ලබා දී ඇත්තේ ද කිසිදු සුදුසුකමක් නොමැති කාන්තාවක් බවට පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත
මෙම සැකකාරිය විසින් හෙදියක් ලෙස කටයුතු කළ බවත් තවත් වරෙක ෆාමසියක කටයුතු කළ ප්‍රකාශ ලබා දුන් පොලිස් නිලධාරිනියක් පැවසුවාය

වැටලීම සිදුකරන අවස්ථාවේදී සැකකරුගෙන් ප්‍රතිකාර පතා දරුවන් වැඩිහිටියන් බාල මහලු පුද්ගලයන් 18 කු වෛද්‍ය මධ්‍යස්ථානය වෙත පැමිණ සිටි බව පොලිසිය කියයි

වැටලීම සඳහා පානදුර දිස්ත්‍රික් වෛද්‍ය ඊශා සමන් කුමාරි , සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දෙදෙනෙකු ද එක්වුහ

ඊට අමතරව කළුතර ආහාර හා ඖෂධ පරීක්ෂකවරුන් වන බුද්ධික ගංගොඩතැන්න හා අශෝක ඉන්දික මහත්වරුන් හායි ස්ථානයට පැමිණ ඖෂධ තොගය ඔවුන් භාරයට ගෙන වෛද්‍ය මධ්‍යස්ථානයට මුද්‍රා තැබූ බවද පොලිසිය සඳහන් කරයි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
2
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
76 සාපයක් වෙලා නෑ - ජනාධිපතිතුමාම පිළිගත්තා
03:07
Video thumbnail
හෙක්ටර් ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න දෙසයි - Clean Sri Lanka වැඩසටහන අද ෆේල්
12:42
Video thumbnail
අපිට සහනයක් ලබාදෙන්න දෙයියනේ - රජයට කියලා බැරිම තැන දෙයියන්ට කියන මිනිස්සු
05:08
Video thumbnail
තඹුත්තේගම උණුසුම් තත්ත්වයක්..මාලිමාව බලයට ආවේ අපේ පු# එල්ලිලා - අර්බුදයෙන්මයි ගෙදර යවන්නේ
07:38
Video thumbnail
පුළුවන් නම් ගොවියා ළඟට යන්නකෝ - ඔයාලට පාරේ බැහැලා යන්න බෑ
16:01
Video thumbnail
මුන් ගංජා ඇට පිටින්, ගස් පිටින් ගහලා - බීඩි ගගහා හිටපු එකා අද විස්කි ගහලා අපිට කසිප්පු කාරයෝ කියනවා
03:54
Video thumbnail
ඩෙංගු අධි අවදානම් තත්ත්වයක්ද ?රෝහල්වලටත් දරාගන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා..පද්ධතිය කඩා වැටෙයි ?
07:24
Video thumbnail
සලේගේ පාස්වර්ඩ් එක ලබාගත්තා ද..?
03:13
Video thumbnail
ඔයා මට අණ කරන්න ඕනේ නෑ - අර්චුනා, කථානායකගේ හොඳටම අහගනී
01:31
Video thumbnail
ගොවියාට කසිප්පුකාරයා කියන දේශපාලනයෙන් එළියට එන්න
05:23