උසාවියට අපහාස කිරීම සම්බන්ධ සනත් නිශාන්තට එරෙහි පැමිණිල්ල කැඳවීමට දින දෙයි

අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තට එරෙහිව ගොනුකර තිබෙන පැමිණිල්ල ජුලි මස 13 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය අද (27) නියම කළා.

මෙම පැමිණිල්ල අද අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශංක බන්දුල කරුණාරත්න සහ ඒ. මරික්කාර් යන යන විනිසුරු මඬුල්ල හමුවේ කැඳවනු ලැබුවා.

එම අවස්ථාවේදී වගඋත්තරකාර සනත් නිශාන්ත අමාත්‍යවරයා අධිකරණයේ පෙනී සිටියා.

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ලක්මිණි ගිරිහාගම අධිකරණයට දන්වා සිටියේ මෙම නඩුවට අදාළ සාක්ෂි වශයෙන් ඉදිරිපත් කරන සී.ඩී. පට පරීක්ෂා කිරීමට අදාළ වන සාක්ෂි විශේෂ විධිවිධාන පනත යටතේ වූ නොතීසිය මේ වන විට අධිකරණය හමුවේ ගොනු කර ඇති බවයි.

ඒ, අනුව අදාළ පෙත්සම් ජුලි මස 13 වනදා කැඳවන ලෙසත් එම නොතීසිය වගඋත්තරකාර පාර්ශවයට ලැබී තිබේදැයි එදින දැනුම් දෙන ලෙසත් අධිකරණය නියම කළා.

ඉකුත් වසරේ අගෝස්තු මස 23 වනදා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ සනත් නිශාන්ත අරගලකරුවන්ට ඇප ලබාදීමේ දී මහේස්ත්‍රාත්වරු කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කර තිබුණා.

එම ප්‍රකාශය තුළින් ඒ ඔහු අධිකරණයට අපහාස කර ඇතැයි චෝදනා කරමින් නීතිඥවරුන් වන ප්‍රියලාල් සිරිසේන, විජිත කුමාර සහ ශ්‍රී ලංකා අධිකරණ නිලධාරීන්ගේ සංගමය විසින් තුනක් ඉදිරිපත් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
4
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාස්කු ප්‍රහාරය කළේ ගෝඨා කියලා සාක්ෂි ඇතුව ඔප්පු කරන්න
20:11
Video thumbnail
කඳුළු පාස්කුවක අඳුරු මතකය - වසර 7ක් ගතවුණත් උත්තර නැති ප්‍රශ්නයක්
03:51
Video thumbnail
පාස්කු වින්දිතයින්ට අපහාස කරන්න බෑ - බැරි නම් මේක දාලා යන්න
07:59
Video thumbnail
පාස්කු ප්‍රහාරයට මුජිබුර් සම්බන්ධයි..? සජිත් වගකියන්න ඕනේ
10:12
Video thumbnail
කාදිනල්තුමාගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
27:51
Video thumbnail
පාස්කු වින්දිතයින් සිහිකරමින් පැවැත්වුණු පාස්කු සැමරුම
02:55
Video thumbnail
කොම්පඤ්ඤ වීදියේ ක්‍රිස්තියානි පල්ලියටත් දැඩි ආරක්ෂාවක්
00:49
Video thumbnail
පොල් වගාවක් තුළ ජයටම කරගෙන ගිය ගංජා හේනක් කොටුවෙයි
01:47
Video thumbnail
කොටහේන ශාන්ත අන්තෝනි දේවස්ථානයේ ආරක්ෂාව තර කරයි
01:12
Video thumbnail
සාම පාද යාත්‍රාව - විශේෂ මාධ්‍ය හමුව | අත්තනගල්ල රජමහා විහාරයේ සිට | සජිවීව
00:00