ජෙට්ස්කී යාත්‍රාවක් පදිමින් සිටි ව්‍යාපාරිකයා බොල්ගොඩ ගඟට වැටී අතුරුදන් (ඡායාරූප)

බොල්ගොඩ ගඟේ ජෙට්ස්කී යාත්‍රාවක් පදිමින් සිටි ව්‍යාපාරිකයෙකු අනතුරකට ලක්ව ගඟට වැටී අතුරුදන්ව ඇති බව පානදුර උතුර පොලිසිය පවසනවා.

මෙලෙස අතුරුදන්ව ඇත්තේ හෙශාන් විතානගේ නැමැති 40 හැවිරිදි වියේ පසු වූ අවිවාහක පුද්ගලයෙක්.

මෙම පුද්ගලයා අද (25) පෙරවරුවේ බොල්ගොඩ ගඟේ ජෙට්ස්කී යාත්‍රාවක් ධාවනය කරමින් ජල ක්‍රීඩාවේ නිරතව සිට තිබෙනවා.

එම අවස්ථාවේ දී ඔහුගේ ගෙළ ගඟේ හරහා ඇද තිබූ නැව් කඹයක පැටලී ගඟට වැටී අතුරුදන්ව ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

මෙලෙස අතුරුදන් වූ ව්‍යාපාරිකයා පැදවූ ජෙට්ස්කී යාත්‍රාව  ගං ඉවුරේ තිබී පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

අතුරුදන් වූ පුද්ගලයා දෙවීම සඳහා මේ වනවිට විමර්ශන සිදුකරන අතර, සිද්ධිය පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පානදුර උතුර පොලිසිය මඟින් සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
4
+1
0
+1
3
+1
33
+1
7
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
මිනිස්සුන්ට බොන්න වතුරත් නැතිකරපු ආණ්ඩුවක් මේක
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47