ජීවන් තොණ්ඩමන්ගෙන් නගරය මැද පොලීසියට ලොකු සද්දයක් (ඡායාරූප)

තම පාක්ෂිකයෙකු අත්අඩංගුවට ගෙන අධිකරණය ඉදිරිපත් කළ බව කියන සිද්ධියකට උරණ වූ ජල සම්පාදන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් තවත් ආධාරකරුවන් පිරිසක් සමඟ පැමිණ බගවන්තලාව පොලිස් ස්ථානාධිපතිවරයාට සහ සැකකරු අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරීන්ට බැණ තර්ජනය කර ඇති බව වාර්තා වනවා.

බගවන්තලාව නගරයේ පිහිටි රාජ්‍ය බැංකුවක කළමණාකාරවරයා සහ ගණුදෙණුකරුවෙකු අතර ඇති වූ බහින් බස්වීමකින් අනතුරුව පසු ගිය 22 වනදා පොලිසියට පැමිණිල්ලක් කර තිබෙනවා.

ඒ අනුව බගවන්තලාව පොලිසිය විසින් සැකකරුව අත්අඩංගුවවට ගෙන අධිකරණය වෙත පසුගිය 23 වනදා ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ මස 26 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

ජීවන් තොණ්ඩමන් අමාත්‍යවරයාගේ ආධාරකරුවෙක් වූ මෙම පුද්ගලයා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් උරණ වූ අමාත්‍යවරයා පසුගිය 24 වනදා බගවන්තලාව නගරය වෙත ගොස් බගවන්තලාව පොලිසියේ ස්ථානාධිපති සහ සැකකරුවන් අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරින් තිදෙනා එම ස්ථානයට කැඳවා බැණ තර්ජනය ඇති බවයි වාර්තා වුණේ.

සැකකරු අත්අඩංගුවට ගැනීමට ක්‍රියාකළ පොලිස් නිලධාරීන් තිදෙනාට වහාම ස්ථාන මාරුවීම් ලබාදෙන ලෙසත්, එම නිලධාරීන් තිදෙනාගෙන් එක් නිලධාරියෙක් කොටගල පිහිටි ලංකා කම්කරු කොන්ග්‍රස් මූලස්ථානයේ රාජකාරි සඳහා අනුයුක්ත කරන ලෙසත් ජීවන් තොණ්ඩමන්, පොලිස් ස්ථානාධිපතිවරයා හමුවේ පවසා ඇති බව සඳහන්.

මේ අතර බගවන්තලාව පොලිසිය වෙත ප්‍රාදේශිය සභාව විසින් ලබා දී ඇති පානිය ජල සම්බන්ධතාවය පවා විසන්ධි කිරිමට තමන් ක්‍රියාකරන බවට අමාත්‍යවරයා විසින් පොලිස් නිලධාරින් හමුවේ තර්ජනය කර ඇති බවයි වාර්තා වන්නේ.

අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ පොලිස් නිලධාරීන්ට වහාම ස්ථානමාරු වීම් ලබාදෙන ලෙසට ද අමාත්‍යවරයා හැටන් පොලිස් අධිකාරි එච්.එම්.එන්.දෙහිගම හමුවේ පවසා ඇතැයි ද වාර්තා වනවා.

එහිදී පොලිස් අධිකාරිවරයා සඳහන් කර ඇත්තේ, මෙම අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වු දර්ශන පදනම් කර ගනිමින් මේ වන විටත් තමන් විසින් විමර්ෂණයක් ආරම්භ කර ඇති බවයි.

එම විමර්ශනය අනුව ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බව ද ඔහු පවසා තිබෙනවා.

එම විමර්ශන අවසන් වන තෙක් සැකකරු අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරීන් තිදෙනා ස්ථාන මාරු කිරීමට නොහැකි බවද පොලිස් අධිකාරිවරයා අමාත්‍යවරයා හමුවේ පවසා ඇති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
35
+1
11
+1
25
+1
4
+1
4
+1
4
+1
32
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පවතින කාලගුණයෙන් හැමෝම පරිස්සම් වෙන්න..ගස් කඩා වැටීම් වෙන්න පුළුවන්
03:24
Video thumbnail
ජල කප්පාදු කරන කාලය පැය කිහිපයකින් අඩු කරනවා..අප්‍රේල් මාසයට අවශ්‍ය ජල ප්‍රමාණය තියෙනවා
08:43
Video thumbnail
අනතුරකින් පාදයේ ආබාධයකයට ලක්වූ සෙබඩකට පිහිටට ආ තරුණ යුවළ
01:01
Video thumbnail
වියළි කාලගුණය හමුවේ ගාල්ලේ දැන් තත්ත්වය
00:54
Video thumbnail
බලශක්ති ඇමතිගේ පොටෝ එකක් අරන් ගමක් දෙවනත් කළ පන්දම් විරෝධතාව..පච අනුර එදා කිව්වේ බොරු..
08:33
Video thumbnail
වැඩ වර්ජනය නිසා මිනිසුන්ගේ රතු කට්ට පනියි..ඡන්දේ දීලා අපි විදින දුකක්..මාසෙකට කීයක් Strike කරනවද
03:43
Video thumbnail
PHI සෙට් එකක් අත්‍යවශ්‍ය ආහාර ගබඩා සහ වෙළඳසැල්වලට ඇවිත් දුන්න ෆුල් සුද්දය
03:58
Video thumbnail
"Private ගන්න සල්ලි නෑනේ මහත්තයෝ"..වෛද්‍ය වැඩ වර්ජනය හේතුවෙන් රෝගීන් දැඩි අපහසුතාවයට
01:44
Video thumbnail
වියළි කාලගුණය හමාර කරමින් බුත්තලට සහ මොණරාගලට තද වැසි
00:58
Video thumbnail
"අඩේ..අඩේ..ඉක්මනට ඇතුළට ඇදහන් බන්" යතුරුපැදියක් - ලොරියක වැදී සිදුවූ බිහිසුණු අනතුර
01:29