ආරණ්‍ය සේනාසනයක වැඩ විසූ මෙහෙණින් වහන්සේ නමකට ලිංගික අතවර බව කියන චීවරධාරියකු මරදන්කඩවල පොලිස් ස්ථානය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස පොලිස් අත්අඩංගුවට ගෙන ඇත්තේ මරදන්කඩවල ප්‍රදේශයේ ආරණ්‍ය සේනාසනයක වැඩ සිටි බව කියන 33 හැවිරිදි චීවරධාරියෙක්.
සැකකාර චීවරධාරියා විසින් ලිංගික අතවර කර ඇත්තේ මරදන්කඩවල ප්‍රදේශයේ මෙහෙණි ආරණ්‍ය සේනාසනයක වැඩ විසූ 18 හැවිරිදි මෙහෙණියකට බව සඳහන්.
ලිංගික අතවරයට ලක් වූ බව කියන මෙහෙණින් වහන්සේ පොලිසියට කර ඇති පැමිණිල්ලක් අනුව සිදු කළ විමර්ශණ මත සැකකාර චීවරරධාරියා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකාර චීවරධාරියා කැකිරාව අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
7
+1
26
+1
42
+1
10
+1
21
+1
12
+1
16