හමුදා බසයේ ගැටී තුන් හැවිරිදි දැරිය ජිවිතක්ෂයට

යුද හමුදා නිලධාරීන් රැගත් බස් රථයක් යතුරුපැදියක ගැටීමෙන් සිදුවූ අනතුරකින් අවුරුදු 3ක් වයසැති කුඩා දැරියක් ජිවිතක්ෂයට පත්වී තිබෙනවා.

අද (22) අළුයම මෙම අනතුර සිදුවී ඇත්තේ බණ්ඩාරගම සමුපකාර ප්‍රධාන කාර්යාලය ඉදිරිපිටදී මාර්ගයේ දීයි.

මියගොස් ඇත්තේ රයිගම ප්‍රදේශයේ පදිංචිව සිටි තුන් හැවිරිදි දැරියක් වන අතර ඇයගේ මව කම්පන තත්වයෙන් පානදුර මූලික රෝහල වෙත යොමු කර තිබෙනවා.

බණ්ඩාරගම සමුපාකාර සමිති ප්‍රධාන කාර්යාලයේ ගණකාධිකාරීවරිය වන මියගිය දැරියගේ මව දැරිය ද යතුරුපැදියේ නංවාගෙන කාර්යාලය වෙත පැමිණෙමින් සිටියදී මෙලෙස අනතුරට ලක්වී තිබෙනවා.

කළුතර සිට යුද හමුදා මූලස්ථානයට සහ ආරක්ෂක අමාත්‍යාංශයට කාර්ය මණ්ඩලය රැගෙන යමින් සිටි බස් රථය බණ්ඩාරගම සිට කැස්බෑව දෙසට මාර්ගයේ දකුණු පසින් අපරික්ෂාකාරී ලෙස ධාවනය වී යතුරුපැදියේ ගැටී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

බරපතළ තුවාල ලබා සිටි දැරිය සහ මව ප්‍රදේශවාසීන් විසින් බණ්ඩාරගම දිසා රෝහල වෙත රැගෙන විත් තිබූ අතර ඒ වන විටත් දැරිය ජීවිතක්ෂයට පත්ව තිබූ බව සඳහන්.

දැරියගේ හිසට බරපතළ බරපතල තුවාල සිදුවී ඇති බවයි රෝහල් ප්‍රකාශකයකු කියාසිටියේ.

දැරියගේ මව අධික කම්පන තත්ත්වයට පත්ව බණ්ඩාරගම දිසා රෝහලේ ගිලන් රථයක් මගින් පානදුර මූලික රෝහල වෙත යොමු කර තිබෙනවා.

අනතුර සමගම ප්‍රකෝප වූ ප්‍රදේශවාසීන් බස් රථ රියදුරුට පහර දී ඇතැයි ද සඳහන්.

දැරියගේ මව සෑම දිනකම කල්වේලා ඇතිව කාර්යාලය වෙත පැමිණ ඒ ආසන්නයේ ඇති දිවා සුරකුම් මධ්‍යස්ථානය වෙත දැරිය යොමු කිරීම සිදු කර තිබූ බව පොලිසිය ප්‍රකාශ කළා.

අනතුරත් සමගම එම ස්ථානයට රැස් වූ ප්‍රදේශවාසීන් චෝදනා කළේ මෙම බස් රථය සෑම දිනකම ඉතා අපරික්ෂාකාරී ලෙස මාර්ගයේ ධාවනය වන බවටයි.

අනතුර සම්බන්ධයෙන් බස් රථ රියදුරා අත්අඩංගුවට ගෙන තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20
Video thumbnail
පන්සලේ විදුලි බල්බ නිවලා චෛත්‍යයේ කොත සහ චූඩාමාණික්‍යය හොරු උස්සලා
01:47
Video thumbnail
රුවන්වැලි මහසෑ නායක හිමියන් ළමා දිනය වෙනුවෙන් කළ අපූරු ක්‍රියාව
14:57
Video thumbnail
නපති ප්‍රධානත්වයෙන් අරඹපු කටුනායකට ගුවන් යානා ඉන්ධන ගෙන යන නව නළ මාර්ගයේ ඉදිකිරීම
01:06
Video thumbnail
සුනිත්‍ය බලශක්ති අධිකාරිය අද බුදියගෙන - වහල මත සූර්ය පැනල ගහන එකේ දොර වහන්න හදන්නේ
04:25