පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ පෙත්සම් විභාගයට ගැනීමට අවසර

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නායක කුමාර් ගුණරත්නම් ඇතුළු පිරිසක් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් තුනක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද අවසර ලබාදී තිබෙනවා.

ඇමරිකාවේ කළු ජාතිකයින්ට සිදුවන හිරිහැර හෙළා දකිමින් කොළඹ පැවැති උද්ඝෝෂණයක් සඳහා රැස් වූ තමන්ව අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම තුළින් මූලික මිනිස් අයිතීන් උල්ලංඝනය වූ බවට තීන්දුවක් ලබාදෙන ලෙසට ඉල්ලමිනුයි මෙම පෙත්සම් ගොනු කර ඇත්තේ.

මෙම පෙත්සම්වලට අදාළව කරුණු සලකා බැලීමෙන් අනතුරුව ප්‍රීති පද්මන් සූරසේන සහ ජනක් ද සිල්වා යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය ලබාදී තිබෙනවා.

ඒ අනුව පෙත්සම ජනවාරි මස 13 වන දා විභාගයට ගැනීමටයි අධිකරණය දින නියම කළේ.

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නායක කුමාර් ගුණරත්නම්, නීතිඥ නුවන් බෝපගේ, දුමින්ද නාගමුව, අලුත්විල චන්ද්‍රජෝති ඇතුළු 47 දෙනෙකු විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබුණා.

අදාළ පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස බස්නාහිර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, පොලිස්පතිවරයා, පොලිස් පරීක්ෂක නාලක ගුණසේකර, කොම්පඤ්ඤවීදිය සහ කොල්ලුපිටිය පොලිස් ස්ථානාධිපතිවරුන්, සහ නීතිපතිවරයා නම් කර තිබෙනවා.

ඇමෙරිකාවේ කලු ජාතිකයෙකු වන ජෝර්ජ් ප්ලොයිඩ් නමැත්තාට අමානුෂික ලෙස පහර දී මරා දැමීමට විරෝධය පළකරමින් ලොව පුරා උද්ඝෝෂණ පැවැත්වුණු අතර එවැනි විරෝධතා ව්‍යාපාරයක් මෙරට ඇමෙරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට පැවැත්වීමට පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මධ්‍යම කාරක සභාව තීරණය කර බවත් ඒ අනුව 2020 වසරේ ජුනි මස 09 වනදා පක්ෂයේ සාමාජිකයන් රැස්වූ බවත් පෙත්සම්කරුවන් ප්‍රකාශ කරනවා.

ඊට එරෙහිව පොලිසිය විසින් අධිකරණ නියෝගයක් ලබා ගැනීම නිසා කොළඹ ලිප්ටන් වටරවුමේ රැස්වූ අතර පොලිස් නිලධාරීන් කණ්ඩායමක් පැමිණ තමන් අත්අඩංගුවට ගෙන පොලිස් ස්ථානය රඳවා තබා අධිකරණයට ඉදිරිපත් කිරීම තුළින් සිය මූලික මිනිස් අයිතීන් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙසටයි පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වාහන සේරම නවත්තලා යෝග්‍යතා පරීක්ෂණ කළ අයුරු - "කෝ ලයිට්..සර් අපි රෑට යන්නේ නෑ බස් එකේ"
04:23
Video thumbnail
FIFA ලෝක කුසලානය උඩියටිකුරු කළ තතු මෙන්න - තරගයක් තුළ 04 පාරක් ගිනස් වාර්තා පොතට ගිය මෙසී
02:12
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග - Fleet Broadband චන්ද්‍රිකා සන්නිවේදන පද්ධතියක්
00:55
Video thumbnail
"මීහ#ක් ටික අලුත් විකාරරූපි දර්ශනයක් ගෙනයනවා"ප්‍රසාද්ගේ දැඩි ප්‍රකාශයට නලින්ද සැරටම කිව්ව දේ
01:36
Video thumbnail
ජපානයට යන්න කලින් මේ කරුණු අනිවාර්යයෙන් දැනගන්න! | 2026 Update - ජපානයේ රැකියා අවස්ථා වැඩි වෙයි
03:48
Video thumbnail
අතුරුදහන් වූවන්ගේ පවුල්වලින් මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණිල්ලක් - සාධාරණයක් වෙනකල් සටන් කරනවා
03:38
Video thumbnail
නාවින්න බස් නැවතුමේදී රියදුරන් හා කොන්දොස්තරවරුන්ගේ අහඹු මත්ද්‍රව්‍ය පරීක්ෂාවක්
03:45
Video thumbnail
ඇමතිලා භාවිත කළ කොළඹ නිල නිවාසවලට මොකද වෙන්නේ? අමු කැලෑවෙලා තියෙන්නේ..ගේට්ටු කැඩිලා
02:02
Video thumbnail
සෙංකෝලය ගිල්ලත් නඩු අහන වේගය අඩුවෙන්නේ නෑ
02:46
Video thumbnail
යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:32