පාස්කු කොමිසම් වාර්තාවට එරෙහිව සත්‍යග්‍රහයක

යුක්තිය උදෙසා යතිවර පාරමිතාව නමින් ඊයේ දිනයේදී (11) ත්‍රෛනිකායික මහා සංඝරත්නය කොළඹ නිදහස් චතුරශ්‍රයට එක්ව පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳව විමර්ශන කොමිෂන් සභාවේ වාර්තාව දැඩි ලෙස විවේචනයට ලක් කරන ලදී. පිළිගැනීමේ කතාව සහ අරමුණ පැහැදිලි කළ උලපනේ සුමංගල නායක ස්වාමීන් වහන්ස විසින් රජයට යෝජනාවලියක් ඉදිරිපත් කරනලදි. සංඝරත්නය කියා සිටියේ සහරාන් පෝෂණය කළ අන්තවාදී පිරිස් මෙන්ම බුද්ධි අංශ කණ්ඩායම් පිළිබඳව වහා විමර්ශනයක් කළ යුතු බවත් මෙම ප්‍රහාරය පිටුපස සිටින මහා මොළකරුවන් වහාම අත්අඩංගුවට ගත යුතු බවයි.

අන්තවාදී ක්‍රියා නොකොට අවි ආයුධ එක්රැස් නොකොට ප්‍රහාර සහ ප්‍රචණ්ඩ ක්‍රියා සිදුනොකළ සිංහල බෞද්ධ සංවිධාන වලට එරෙහිව නගා තිබෙන චෝදනා වහාම අත්හිටවන ලෙසත් වහබ් වාදය සහ අන්තවාදය පතුරන අන්තවාදී මුස්ලිම් සංවිධාන මෙම වාර්තාවෙන් ඉවත් කර තිබීම විමතියට කරුණක් ලෙස පෙන්වා දෙන ලදී.

කොළඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය අගලකඩ සිරිසුමන නාහිමියන් විසින් ප්‍රකාශ කර සිටියේ සිංහල බෞද්ධ නායකයන් විනාස කිරීමට ජත්‍යන්තරයෙන් මෙන්ම මූලධර්මවාදී කණ්ඩායම් වලට උවමනා වී තිබෙන බවත් එයට සිංහල බෞද්ධයන් ලෙස මෙන්ම මහා සංඝරත්නය ලෙස කිසිලෙසකටත් ඉඩ නොදෙන බවත් ඉදිරියට මෙම විනාශකාරී යෝජනාවන් වලට එරෙහිව මහා සංඝරත්නය පෙළගස්වන බව ප්‍රකාශ කරන ලදී.

මෙහිදී බොදුබලසේනාවේ කැඳවුම්කරු ගලගොඩ අත්තේ ඥානසාර ස්වාමීන් වහන්ස ප්‍රකාශකර සිටියේ ඉතා හොඳ මට්ටමේ තිබූ කොමිෂන් සභාව අවසාන කාලයේ දී යම් පුද්ගලයෙකුගේ උවමනාව මත සම්පූර්ණයෙන්ම වාර්තාව විකෘති කළ බවත්, සාක්ෂි සහිතව එය ඔප්පු කළ හැකි බවත් ප්‍රකාශ කළ සිටියා. පොලොන්නරුව දිස්ත්‍රික්ක අධිකරණ සංඝනායක කදුරුවෙල ධර්මපාල නායක ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කර සිටියේ සිංහල බෞද්ධ නායකයන් දඩයම් කිරීමට මෙම කොමිෂන් සභාව ප්‍රයෝජනයකට ගෙන තිබෙන බවත් ඉදිරියේ දී මෙම කොමිෂන් සභා වාර්තාවට එරෙහිව දීප ව්‍යාප්ත සංඝරත්නය පෙරදැරි කරගත් සත්‍යයක් ග්‍රහ මාලාවක් ක්‍රියාත්මක කරන බවත් පැවසීය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32
Video thumbnail
අභිරහස් ලෙස මහ පාරේ අවසන් ගමන් ගිය පුද්ගලයා
01:44
Video thumbnail
ජනාධිපතිතුමා කියන පච ගැන කිව්වා විතරයි, මගේ ෆේස්බුක් පේජ් එකක් සස්පන්ඩ් වුණා
04:18