මූල්‍ය පාලනය පාර්ලිමේන්තුවට ඇතැයි යනුවෙන් ව්‍යවස්ථාවේ ඇති 148 වන වගන්තිය ක්‍රියාත්මක කිරීමේදී මුහුණපාන ප්‍රයෝගික ගැටළු නිරාකරණය කර ගැනීමට, පාර්ලිමේන්තුවට වග කියන පාර්ලිමේන්තු අය වැය කාර්යාලය මගින් පක්ෂ ඇතුළු සියලු කණ්ඩායම්වලට හැකියාව ලැබෙනු ඇති බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ ‘පාර්ලිමේන්තුවේ අය වැය කාර්යාල පනත් කෙටුම්පත’ දෙවන වර කියවීමේ විවාදයට අද (20) එක්වෙමින්.
පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන අය වැය ගැඹුරින් විශ්ලේෂණය කිරීමටත්, එය නිවැරදි මග ගමන් ගන්නේ ද යන්න සොයා බැලීමටත්, ඇස්තමේන්තු පශ්චාත් පරීක්ෂණයකට භාජනය කිරීමටත්, සංඛ්‍යා ලේඛනවල නිරවද්‍යතාව පරික්ෂා කරගැනීමටත්, මෙම කෙටුම්පත නීතිගතවීමෙන් හැකියාව ලැබෙන බව ද අග්‍රාමාත්‍යවරයා සඳහන් කළා.














MELO WEDAK DANNE NATHI MELO WEDAK NOKARANA, RATA JANATHAWA GENA ELO RAHAK NATHI EWUN THAMAYI ROYAL EKEN ENA UN. ANURA BANDARANAYAKE, RANIL, DINESH, SAJITH, RAVI, JRJ WANI GODAK UN UNGE SAHA UNGE NEYAN YALUWAN GENA WITHARAYI BALANNE.