පාන් මිල අඩු කරන්න යෝජනාවක්

බිත්තරයක මිල රුපියල් 35ක් දක්වා අඩු කරන්නේ නම් සහ තිරිඟු පිටි මිල පහත දමන්නේ නම් පාන් ඇතුළු බේකරි නිශ්පාදනවල මිල ගණන් පහත දමන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා.

එහි සභාපති එන්. කේ. ජයවර්ධන පැවසුවේ තාවකාලිකව නතර කර ඇති තිරිඟු පිටි ආනයනය ද යළි ආරම්භ කිරීමට ආණ්ඩුව කටයුතු කළ යුතු බවයි.

තිරිඟු පිටි ආනයනය නතර නොකර පිටි කිලෝවක මිල රුපියල් 180ත් 170ත් අතර මිලකට අඩු කළේ නම් පාන් ගෙඩියක මිල රුපියල් 10කට වැඩි මුදලකින් අඩු කිරීමට තීරණය කර තිබූ බව ද මෙහිදී ප්‍රකාශ කෙරුණා.

මේ අතර තිරිඟු පිටි නිශ්චිත භාණ්ඩයක් වශයෙන් සඳහන් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු විසින්. තිරිඟු පිටි ජනතාවගේ ජීවිතයට අත්‍යවශ්‍ය වන බවට තම මතය වන බැවින් පාරිභෝගික අධිකාරියෙන් විමසීමෙන් පසු එය නිශ්චිත භාණ්ඩ වශයෙන් නම් කරන බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ.

මෙම ගැසට් නිවේදනය පසුගිය 16 වනදා මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34
Video thumbnail
අපිට හිටපු ජනාධිපතිවරුත් එකයි, ගමේ ඉන්නේ සිරිපාලත් එකයි
04:03
Video thumbnail
"රනිල්ගෙයි, සජිත්ගෙයි වැරදි නිසා තමයි අපි අද දුක් විදින්නේ" - මන්ත්‍රීලා ඉදිරියේ දැඩි චෝදනා
01:26
Video thumbnail
මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ට ම#ණ දණ්ඩනයට අත්සන් කළ එකම රාජ්‍ය නායකයා මම
06:16
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39