වෛද්‍ය නිමල් කරුණාසිරි මහතා අභාවප්‍රාප්ත වෙයි

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ කොමසාරිස් වෛද්‍ය නිමල් කරුණාසිරි මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ඒ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීයි.

පවුලේ ඥාතීන් සඳහන් කළේ පසුගියදා නිවසේදී ඇද වැටීම හේතුවෙන් කොමසාරිස්වරයා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි බවයි.

මානව හිමිකම් කොමිසමේ කොමසාරිස්වරයෙකු ලෙසට කටයුතු කළ නිමල් කරුණාසිරි මහතා අභාවප්‍රාප්ත වන විට 63 හැවිරිදි වියෙහි පසු වුණා.