පාකිස්ථානය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ප්‍රතික්ෂේප වෙයි

පාකිස්ථානයේ අවිනිශ්චිත ආර්ථික තත්ත්වය පුරුද්දට ගොස් ඇති බවට චෝදනා එල්ල වනවා.

මේ වසර මුලදී පකිස්ථානයේ මුදල් ඇමති ඉෂාක් ඩාර් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග රළු ක්‍රීඩාවක නිරත වුණේ පාකිස්ථානයේ දැනට පවතින තත්ත්වය කණපිට හැර විය හැකි බවට ඔහු තුළ වූ සුබවාදී විශ්වාසය හේතුවෙන්.

එයට හේතුව පාකිස්ථානයේ අභිමානය රැක ගැනීම විය හැකි වුවත් ඔවුන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉදිරියේ යාචක ස්වරූපයක් ගෙන තිබෙන බවයි විචාරකයින් පවසන්නේ.

පාකිස්ථානය තවමත් පවතින්නේ මීට වසරකට පෙර පැවැති බංකොලොත් තත්ත්වයේමයි.

IMF නිවේදනය කර ඇත්තේ පකිස්ථානයේ ආර්ථිකය 2022 හි සියයට 6 සිට මේ වසරේ සියයට 0.5 ට වඩා පහත වැටී ඇති බවයි. 

ඒ, අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට පාකිස්ථානයේ වත්මන් ආණ්ඩුවේ ස්ථාවර තත්ත්වය සම්බන්ධයෙන් විශ්වාසයක් නොමැති බවයි පැවසෙන්නේ.

ඔවුන්ගේ ආකල්පය වී ඇත්තේ ප්‍රතිසංස්කරණ ක්‍රියාවට නැංවීම සඳහා පකිස්ථානයේ නිලධාරිවාදී නිපුණතාව විශ්වාස කළ නොහැකි බවයි. 

2023 මැයි මාසයේදී සියයට 38 ක උද්ධමන අනුපාතයක් සහ ජනගහනයෙන් තුනෙන් එකකට වඩා සාගින්නෙන් පෙළෙන තිබියදීත් පාකිස්ථානය  සිය ව්‍යාපාරික ආකල්පය දිගටම කරගෙන යාමට ඉතා නිර්භීත වී තිබෙනවා.

පකිස්ථානය 2023 අප්‍රේල් සිට 2026 ජූනි කාලය තුළ විදේශ ණය සඳහා ඩොලර් බිලියන 77.5ක් ආපසු ගෙවිය යුතු අතර, ඔවුන්ගේ දළ දේශීය නිෂ්පාදිතය සහ ඔවුන්ගේ උදාසීන ආකල්පය සලකා බලන විට, එම මුදලින් දහයෙන් එකක්වත් ආපසු ලබා දීමට විශාල වෙහෙසක් දැරීමට සිදුවනු ඇති.

පකිස්ථානයට පුණ්‍යාධාර ලබා දෙන බවට පොරොන්දු වූ රටවල් ද  නිහඬව පසුබසින තත්ත්වයක් නිරීක්ෂණය වී තිබෙනවා. 

ඒ, අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සිය දේශපාලනය ස්ථාවර කිරීමට එරටට අවසාන නිවේදනයක් දුන් විට,පකිස්ථාන ආරක්ෂක අමාත්‍යවරයා කියා සිටියේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එහි අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වන බවයි. 

ලෝක ආහාර වැඩසටහන් වාර්තාව ප්‍රකාශ කරන්නේ දේශපාලන හා ආර්ථික අර්බුදය උග්‍ර වුවහොත්, ඉදිරි මාස කිහිපය සඳහා පාකිස්ථානය සැලකිය යුතු ආහාර හිඟ ගැටලුවකට මුහුණ දෙනු ඇති බවටයි.

2022 ජූනි මාසයේදී පී.ටී.අයි පක්ෂයේ සභාපති ඉම්රාන් ඛාන් රැස්වීම් අමතමින් කියා සිටියේ සර්පිලාකාර උද්ධමනය පාකිස්ථානය මීළඟ ශ්‍රී ලංකාව බවට පත් කළ හැකි බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
1
+1
0
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කිවුල් ඔය ව්‍යාපෘතියට එරෙහිව ගම්මු මහ පාරට බහියි - අපේ ගම්මාන ජලයෙන් යටවෙනවා
04:25
Video thumbnail
ලාල්කාන්තවයි, නාමල්වයි මහ පාරේ ගි# තියයි
01:19
Video thumbnail
Mr. කොත්තු ලංකාවෙන්ම උදව් ඉල්ලයි
01:35
Video thumbnail
ධීවර නි. ඇමති ධීවර කමිටුවේ කවියෙන්ම දුන්න උපදෙස - "වරදක් කරත් සිතකින් නොවේ.." මේක කරන්නේ
04:32
Video thumbnail
රටම එකට ජාතික මෙහෙයුම් සභාව ජනපති ප්‍රධානත්වයෙන් පැවැත්වූ අයුරු
03:53
Video thumbnail
වසන්ත මුදලිගේ ආණ්ඩුවට සැරටම දෙසයි - අපිට තේරෙන්නේ නෑ මේ ලොජික් එක
03:59
Video thumbnail
දෙව්ලොව කැලඹිලා වගේ විපක්ෂය දැන් කැලඹිලා - සන්ධාන හදන අයගේ පැටිකිරිය දැන් හෙළිවෙනවා
03:47
Video thumbnail
යකෝ මේක පුදුම වැඩක්නේ - සාධාරණ මිලක් දියන් යකුනේ..ජනතාව මෙල්ල කරන්න බෑ
03:48
Video thumbnail
උඹලගේ ආණ්ඩු ඕනි නෑනේ යකෝ අපි ආණ්ඩුව කරන්නම්කෝ - මේ ඇමතිලට වයර් මාරුවෙලා
11:42
Video thumbnail
Mr. කොත්තු ලංකාවෙන්ම උදව් ඉල්ලයි - පුළුවන්නම් ඇවිල්ලා කොත්තුවක් කාලා යන්න..දැන් බැංකුවලින් කතා කරනවා
05:10