මත්පැන් පැකට්ටුවකට පනාමුරේ දී පුද්ගල ඝාතනයක්

පනාමුර පොලිස් වසමේ කෝන්කටුව ප්‍රදේශයේ දී තියුණු ආයුධයකින් පහර දී ඊයේ (15) රාත්‍රියේ පුද්ගලයෙක් ඝාතනය කර තිබෙනවා.

39 හැවිරිදි වියේ පසුවූ පුද්ගලයෙක් මෙලෙස ඝාතනයට ලක්ව ඇති බවයි පනාමුර පොලිසිය සඳහන් කළේ.

ඝාතනයට ලක්වූ පුද්ගලයා සහ තවත් පුද්ගලයින් පස්දෙනෙකු සමඟ මත්පැන් පානය කර ඇති අතර, මත්පැන් පැකට්ටුවක් සම්බන්ධයන් ඇති වූ ආරවුලක් මත මෙම අපරාධය සිදුකර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

තියුණු ආයුධ ප්‍රහාරයට ලක්වූ තැනැත්තා බරපතළ තත්ත්වයෙන් ඇඹිලිපිටිය රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.

එහි ප්‍රතිකාර ලබමින් සිටිය දී මෙම පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කළා.

ඝාතනය සිදුකළ බව කියන ඇඹිලිපිටිය, පනාමුර ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි පුද්ගලයෙක් පොලිසියට පැමිණ භාරවීමෙන් පසු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෘත ශරීරය මේ වනවිට ඇඹිලිපිටිය රෝහලේ තැන්පත්කර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරණු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46
Video thumbnail
BOI එක ආයෝජනවලට දාන්න පුළුවන් ලොකුම බාධා ටික දානවා - එන ටිකත් අවට රටවල්වලට යොමු කරනවා
03:35
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30