ග්‍රීසියේ දරුණුතම බෝට්ටු අනතුර ගැන අලුත් අනාවරණයක්

ග්‍රීසිය ආසන්න මුහුදේදී අනතුරට ලක්වූ සංක්‍රමණිකයන් රැගත් යාත්‍රාවේ කුඩා ළමුන් 100ක පමණ පිරිසක් ගමන් කර ඇතැයි අනාවරණ වී තිබෙනවා.

අනතුරින් දිවි බේරා ගත් පුද්ගලයන් මේ පිළිබඳ තොරතුරු හෙලිකර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ධීවර කටයුතු සඳහා යන යාත්‍රාවක් වන මෙහි කුඩා ළමුන් ද ඇතුලු සංක්‍රමණිකයන් 750ක පමණ පිරිසක් ගමන් කර ඇතැයි අනාවරණ වී තිබෙනවා.

පුද්ගලයින් 78 දෙනෙකු මෙම ඛේදවාචකයෙන් මිය ගොස් ඇති බවටයි හෙළිවී ඇත්තේ. එහි සිටි තවත් විශාල පිරිසක් තවමත් මුහුදේ අතුරුදහන් බව සඳහන්.

මෙම අනතුර සිදුවූ අවස්ථාවේ ඊට මැදිහත් නොවීම සම්බන්ධයෙන් ග්‍රීසියේ වෙරළාරක්ෂක බලකාය විවේචනයට ලක්ව ඇති අතර බලධාරීන් පවසන්නේ යාත්‍රාව ඔවුන්ගේ ආධාර ප්‍රතික්ෂේප කළ බවයි.

සහන කණ්ඩායම් තවමත් ග්‍රීසියෙන් ඔබ්බෙන් වූ මුහුදු තීරයේ දැවැන්ත සෝදිසි මෙහෙයුමක් දියත් කරමින් සිටින අතර තවදුරටත් දිවි ගලවා ගත් අය සොයා ගැනීමේ අපේක්ෂාවන් හීන වෙමින් පවතින බවයි වාර්තා වන්නේ.

මෙය ග්‍රීසියේ සිදුවූ දරුණුතම සංක්‍රමණික ඛේදවාචකය ලෙසටයි සැලකෙන්නේ.

වෙරළාරක්ෂක බලකාය ප්‍රකාශ කළේ ධීවර බෝට්ටුව සමඟ මූලික සම්බන්ධතා පැවැත්වූ බවත් ඔවුන් උදව් සඳහා ඉල්ලීමක් නොකළ බවයි.

පසුව ග්‍රීසියේ නාවික කටයුතු අමාත්‍යාංශය බෝට්ටුව සමඟ නැවත නැවතත් සම්බන්ධ වී ඇති බවත් එයට ඉතාලියට යාත්‍රා කිරීමට අවශ්‍ය බව පැවසූ බවත් එහි සඳහන්.

මෝල්ටාවේ ධජය සහිත නෞකාවක් වන ඊට සවස 6ට පමණ ආහාර සහ ජලය සැපයූ අතර තවත් බෝට්ටුවක් පැය තුනකට පසු ජලය සැපයූ බව ඔවුන් වැඩිදුරටත් ප්‍රකාශ කළා.

අනතුරුව බදාදා දහවල් 01.40ට පමණ බෝට්ටුවේ සිටි අයෙක් යාත්‍රාවේ එන්ජිම ක්‍රියා විරහිත වී ඇති බව ග්‍රීක වෙරළාරක්ෂක බලකායට දන්වා ඇතැයි සඳහන්.

ටික වේලාවකට පසු බෝට්ටුව පෙරළී ගිය අතර, එය සම්පූර්ණයෙන්ම ගිලී යාමට මිනිත්තු 10-15 ක් ගත වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

සෙවීම් සහ ගලවා ගැනීමේ මෙහෙයුමක් දියත් කරන ලද නමුත් තද සුළං හේතුවෙන් එය සංකීර්ණ වී තිබෙනවා.

වෙරළාරක්ෂක ප්‍රකාශකයෙකු පැවසුවේ බදාදා අලුයම බෝට්ටුවේ එන්ජිම කැඩී ගිය බවත්, පසුව එහි සිටි පුද්ගලයින් එහා මෙහා යාමට පටන් ගත් බවත් එය පෙරළීමට පටන් ගත් බවයි.

බේරාගත් සියල්ලන්ම පිරිමි පුද්ගලයන් බව ඔහු සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
2
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කිවුල් ඔය ව්‍යාපෘතියට එරෙහිව ගම්මු මහ පාරට බහියි - අපේ ගම්මාන ජලයෙන් යටවෙනවා
04:25
Video thumbnail
ලාල්කාන්තවයි, නාමල්වයි මහ පාරේ ගි# තියයි
01:19
Video thumbnail
Mr. කොත්තු ලංකාවෙන්ම උදව් ඉල්ලයි
01:35
Video thumbnail
ධීවර නි. ඇමති ධීවර කමිටුවේ කවියෙන්ම දුන්න උපදෙස - "වරදක් කරත් සිතකින් නොවේ.." මේක කරන්නේ
04:32
Video thumbnail
රටම එකට ජාතික මෙහෙයුම් සභාව ජනපති ප්‍රධානත්වයෙන් පැවැත්වූ අයුරු
03:53
Video thumbnail
වසන්ත මුදලිගේ ආණ්ඩුවට සැරටම දෙසයි - අපිට තේරෙන්නේ නෑ මේ ලොජික් එක
03:59
Video thumbnail
දෙව්ලොව කැලඹිලා වගේ විපක්ෂය දැන් කැලඹිලා - සන්ධාන හදන අයගේ පැටිකිරිය දැන් හෙළිවෙනවා
03:47
Video thumbnail
යකෝ මේක පුදුම වැඩක්නේ - සාධාරණ මිලක් දියන් යකුනේ..ජනතාව මෙල්ල කරන්න බෑ
03:48
Video thumbnail
උඹලගේ ආණ්ඩු ඕනි නෑනේ යකෝ අපි ආණ්ඩුව කරන්නම්කෝ - මේ ඇමතිලට වයර් මාරුවෙලා
11:42
Video thumbnail
Mr. කොත්තු ලංකාවෙන්ම උදව් ඉල්ලයි - පුළුවන්නම් ඇවිල්ලා කොත්තුවක් කාලා යන්න..දැන් බැංකුවලින් කතා කරනවා
05:10