මාර්ග ගත ක්‍රමවේදයට විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීම ඇරඹෙයි

මාර්ගගත ක්‍රමය (Online) ඔස්සේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා විදෙස් ගමන් බලපත්‍ර ලබා ගැනීමේ වැඩපිළිවෙළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණා. ඒ හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේදී යි.

ආගමන විගමන දෙපාර්තමේන්තු නිල වෙබ් අඩවියට පිවිසීමෙන් විදෙස් ගමන් බලපත්‍ර ලබා ගැනීම වෙනුවෙන් අයදුම් කිරීමට හැකියාව පවතිනවා.

එලෙස මාර්ගගතව අයදුම්පත් ඉදිරිපත් කරනු ලබන අයදුම්කරුවන්ට ඔවුන්ගේ ඇඟිලි සලකුණු, දිවයින පුරා පිහිටි ප්‍රාදේශීය ලේකම් කාර්යාල 51 කට අනුබද්ධ, පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ උප කාර්යාලවදී ලබා දීම සිදු කළ හැකියි.

හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේදී මෙම වැඩපිළිවෙළ ආරම්භ කරන බවයි ආගමන විගමන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

නව වැඩපිලිවෙල ආරම්භ කිරීමෙන් පසුව කිසිවකුට අවශ්‍ය නම් ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙතත් පැමිණ අයදුම්පත් බාර දී විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීමට හැකියාව පවතිනවා.

විදේශ ගමන් බලපත්‍ර ලබාදීමේ එක්දින සේවාව ද සාමාන්‍ය පරිදි සිදු කරන අතර මෙම නව වැඩපිළිවෙළ යටතේ විදේශ ගමන් බලපත්‍රයක් අයදුම් කළ පසු අයදුම්කරුවන්ට දින තුනක් ඇතුළත විදේශ ගමන් බලපත්‍රය කුරියර් සේවාවකට ලබා දෙනු ඇති.

අනතුරුව විදේශ ගමන් බලපත්‍රය නිවසටම ගෙන්වා ගත හැකි බවයි මහජන ආරක්ෂක අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.

ඇඟිලි සලකුණු ලබාදිය හැකි ප්‍රාදේශීය ලේකම් කාර්යාල පහතින්….

දිස්ත්‍රික්කය – ප්‍රාදේශීය ලේකම් කාර්යාල

අම්පාර සමන්තුරේ, පොතුවිල්

අනුරාධපුර නුවරගම් පළාත මධ්‍යම, කැකිරාව, හොරොව්පතාන

බදුල්ල මහියංගනය, හපුතලේ

මඩකලපුව කෝරළෙයිපත්තු (වාලච්චේනයි), කාත්තන්කුඩි

කොළඹ සීතාවක, හෝමාගම

ගාල්ල කරන්දෙනිය, අක්මීමන, නෙළුව

ගම්පහ මීගමුව, මීරිගම, ගම්පහ

හම්බන්තොට තංගල්ල, තිස්සමහාරාමය

යාපනය චාවකච්චේරි, පේදුරුතුඩුව

කළුතර ඉංගිරිය, මතුගම, පානදුර

මහනුවර ගම්පොල, කුන්ඩසාලේ, පූජාපිටිය

කෑගල්ල ගලිගමුව, රුවන්වැල්ල

කිලිනොච්චිය කරච්චි

කුරුණෑගල පු.ලි.දෙ. වයඹ පළාත් ප්‍රාදේශීය කාර්යාලය, කුලියාපිටිය, නිකවැරටිය

මන්නාරම මන්තායි බටහිර

මාතලේ නාවුල

මාතර අතුරලිය, දෙවිනුවර

මොනරාගල බුත්තල

මුලතිව් මුලතිව්

නුවරඑළිය අඹගමුව, වලපනේ

පොලොන්නරුව ඇළහැර, දිඹුලාගල, හිඟුරක්ගොඩ

පුත්තලම පුත්තලම, හලාවත

රත්නපුර බලංගොඩ, කුරුවිට, ඇඹිලිපිටිය

ත්‍රිකුණාමලය කින්නියා

වව්නියාව වෙංගලසෙට්ටිකුලම



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අද දිනයෙත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - කාලගුණයේ නවතම තත්ත්වය මෙන්න
04:33
Video thumbnail
ගමේ මිනිස්සුම පාරට බැහැලා මුළු ගමටම දුන්න සුපිරි සුද්දය
03:12
Video thumbnail
"මල්ලි යන්න එපා..ඔයා බය නැතුව ඉන්න"- අලියෙක් ආහාර සොයා වාහනය පැත්තට දුවගෙන එන හැටි
00:57
Video thumbnail
කෝටි තුනකට වැඩි රත්‍රං පාර්සල් කරලා ශරීරයේ හංගගෙන ලංකාවට ඇවිත්
00:45
Video thumbnail
මෙහෙයුම කළ නිලධාරින්ට ඕලුගලගෙන් ප්‍රශංසා - ඝා#නයකට යමින් සිටි දෙදෙනෙක් කොස්ගොඩදී අත්අඩංගුවට
01:17
Video thumbnail
අගමැතිතුමියට දූ දරුවන්ගෙන් ලැබුණු ආදරය
01:12
Video thumbnail
දඩාස් ගාලා සද්දයක් ඇහුණා - කෑලි විසිවුණා
01:51
Video thumbnail
රුපියල් කෝටි 2ක් වටිනා මත්කුඩු ගනේමුල්ල පොලිසියෙන් අල්ලයි
00:30
Video thumbnail
රුපියල් කෝටි 2ක් වටිනා මත්කුඩු ගනේමුල්ල පොලිසියෙන් අල්ලයි
00:34
Video thumbnail
ලංකාවේ පාසල් පද්ධතිය බරපතළ අභියෝගයකට ලක්වෙලා තියෙන්නේ
06:33