මාර්ග ගත ක්‍රමවේදයට විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීම ඇරඹෙයි

මාර්ගගත ක්‍රමය (Online) ඔස්සේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා විදෙස් ගමන් බලපත්‍ර ලබා ගැනීමේ වැඩපිළිවෙළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණා. ඒ හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේදී යි.

ආගමන විගමන දෙපාර්තමේන්තු නිල වෙබ් අඩවියට පිවිසීමෙන් විදෙස් ගමන් බලපත්‍ර ලබා ගැනීම වෙනුවෙන් අයදුම් කිරීමට හැකියාව පවතිනවා.

එලෙස මාර්ගගතව අයදුම්පත් ඉදිරිපත් කරනු ලබන අයදුම්කරුවන්ට ඔවුන්ගේ ඇඟිලි සලකුණු, දිවයින පුරා පිහිටි ප්‍රාදේශීය ලේකම් කාර්යාල 51 කට අනුබද්ධ, පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ උප කාර්යාලවදී ලබා දීම සිදු කළ හැකියි.

හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේදී මෙම වැඩපිළිවෙළ ආරම්භ කරන බවයි ආගමන විගමන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

නව වැඩපිලිවෙල ආරම්භ කිරීමෙන් පසුව කිසිවකුට අවශ්‍ය නම් ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙතත් පැමිණ අයදුම්පත් බාර දී විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීමට හැකියාව පවතිනවා.

විදේශ ගමන් බලපත්‍ර ලබාදීමේ එක්දින සේවාව ද සාමාන්‍ය පරිදි සිදු කරන අතර මෙම නව වැඩපිළිවෙළ යටතේ විදේශ ගමන් බලපත්‍රයක් අයදුම් කළ පසු අයදුම්කරුවන්ට දින තුනක් ඇතුළත විදේශ ගමන් බලපත්‍රය කුරියර් සේවාවකට ලබා දෙනු ඇති.

අනතුරුව විදේශ ගමන් බලපත්‍රය නිවසටම ගෙන්වා ගත හැකි බවයි මහජන ආරක්ෂක අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.

ඇඟිලි සලකුණු ලබාදිය හැකි ප්‍රාදේශීය ලේකම් කාර්යාල පහතින්….

දිස්ත්‍රික්කය – ප්‍රාදේශීය ලේකම් කාර්යාල

අම්පාර සමන්තුරේ, පොතුවිල්

අනුරාධපුර නුවරගම් පළාත මධ්‍යම, කැකිරාව, හොරොව්පතාන

බදුල්ල මහියංගනය, හපුතලේ

මඩකලපුව කෝරළෙයිපත්තු (වාලච්චේනයි), කාත්තන්කුඩි

කොළඹ සීතාවක, හෝමාගම

ගාල්ල කරන්දෙනිය, අක්මීමන, නෙළුව

ගම්පහ මීගමුව, මීරිගම, ගම්පහ

හම්බන්තොට තංගල්ල, තිස්සමහාරාමය

යාපනය චාවකච්චේරි, පේදුරුතුඩුව

කළුතර ඉංගිරිය, මතුගම, පානදුර

මහනුවර ගම්පොල, කුන්ඩසාලේ, පූජාපිටිය

කෑගල්ල ගලිගමුව, රුවන්වැල්ල

කිලිනොච්චිය කරච්චි

කුරුණෑගල පු.ලි.දෙ. වයඹ පළාත් ප්‍රාදේශීය කාර්යාලය, කුලියාපිටිය, නිකවැරටිය

මන්නාරම මන්තායි බටහිර

මාතලේ නාවුල

මාතර අතුරලිය, දෙවිනුවර

මොනරාගල බුත්තල

මුලතිව් මුලතිව්

නුවරඑළිය අඹගමුව, වලපනේ

පොලොන්නරුව ඇළහැර, දිඹුලාගල, හිඟුරක්ගොඩ

පුත්තලම පුත්තලම, හලාවත

රත්නපුර බලංගොඩ, කුරුවිට, ඇඹිලිපිටිය

ත්‍රිකුණාමලය කින්නියා

වව්නියාව වෙංගලසෙට්ටිකුලම

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
2
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සෝමාවතියේ චෛත්‍යය මළුව ජල කඳින් ය#වෙලා..මහ ජලකඳ මැද්දේ අලියෙක් සෙල්ලම් කරන හැටි
01:13
Video thumbnail
සර් මට පොල්ලක් කැඩෙනකම් ගැ#වා - මාව වෙව්ලුවා..මව කඳුළු වගුරමින් දරුවාට වූ අසාධාරණය හෙළිකරයි
07:10
Video thumbnail
ආණ්ඩුව ඔක්කොම අනාගන්නවා - කිසිම සැලැස්මක් නෑ
07:09
Video thumbnail
76ක පාලනය ඇතුළත ඖෂධ බ්‍රිතාන්‍ය ප්‍රමිතියෙන් පහළට ගෙනාවේ නෑ..ජීවිතය ඉල්ලගෙන එන ලෙඩාව ම# දාන ආණ්ඩුවක්
12:38
Video thumbnail
දින 23කට පසු උඩරට මැණිකේ බදුල්ලෙන් අඹේවෙල දක්වා ගමන් අරඹයි..අත්දැකීම විඳගන්න සිය ගාණක් අද එකතුවෙලා
02:10
Video thumbnail
මේ කියන්නේ උඹලා බෙහෙත් බීලා මැ#යල්ලා නැත්තම් නොබී මැ#යල්ලා කියලද? විෂ වුණොත්ලු පියවරක් ගන්න වෙන්නේ
05:34
Video thumbnail
සුදු ජාතික කාන්තාවෝ මැද්දෙ සමන්තයි,සංචාරක නි.ඇමතියි පපරේ සද්දෙට දැම්ම සුපිරිම සුපිරි ඩාන්ස් එක
01:35
Video thumbnail
මිහින්තලේ හිමිගෙන් ආණ්ඩුවට සැර අවවාදයක්..විකාර කියවන්නේ නැතුව..රට වැ#ච්ච ප්‍රපාතයෙන් ගොඩ ගන්න
01:21
Video thumbnail
රා ලොරියට,ලංගමයේ ආ මගීන් දෙදෙනෙකු ගැ# එක් අයෙකු එළොව යයි.."තාම හුස්ම තියෙනවා - ඉක්මනට අරන් යමන්"
05:04
Video thumbnail
Kasthirama | වත්මන් දේශපාලන තත්ත්වයේ වි-පාක්ෂික කියවීම - කස්තිරම විශේෂ වැඩසටහන සජිවීව
01:13:05


?