සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගන්න පොලිසිය මහජන සහාය ඉල්ලයි (ඡායාරූප)

බොරලැස්ගමුව ඇඹිල්ලවත්ත ප්‍රදේශයේ නිවසකට ඇතුලු වී දේපළ කොල්ලකෑම සම්බන්ධයෙන් අවශ්‍ය කරන සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය මහජන සහාය පතනවා.

සැකකරුවන් දෙදෙනා පසුගිය 12 වනදා ඇඹිල්ලවත්ත ප්‍රදේශයේ නිවසකට දිවා කාලයේ ඇතුලු වී එහි සිටි මෙහෙකාරිය බිය ගන්වා නිවසේ තිබූ රුපියල් 10,707,800ක් පමණ වටිනා දේශීය, විදේශීය මුදල් සහ රන් භාණ්ඩ සහිත කුඩා ප්‍රමාණයේ සෙප්පුවක් කොල්ලකා පළාගොස් තිබුණා.

ඒ සම්බන්ධයෙන් බොරලැස්ගමුව පොලිසියට ලැබුණු පැමිණිල්ලක් අනුවයි විමර්ශණ ආරම්භ වී ඇත්තේ.

මෙම අපරාධයට සම්බන්ධ සැකකරුවන් දෙදෙනාගේ ඡායාරූප සහ පොලිසිය විසින් මාධ්‍ය වෙත යොමුකර තිබෙනවා.

ඔවුන් දෙදෙනා කොල්ලකන ලද සෙප්පුව රැගෙන යන ආකාරය ද සී. සී. ටී. වී. දර්ශනවල සටහන් වී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මොවුන් සම්බන්ධයෙන් කිසියම් තොරතුරක් ඇත්නම් බොරලැස්ගමුව පොලිසියේ ස්ථානාධිපතිවරයා වෙත 071 8591646 අංකයෙන් හෝ 011 2150769 අංකයෙන් බොරලැස්ගමුව පොලිසිය වෙත දැනුම්දිය හැකියි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මෙරායා දමිළ මහා විද්‍යාලය ජල ගඟින් යටවෙයි - පංති කාමරත් වතුරෙන් වැහිලා
02:25
Video thumbnail
විපක්ෂ නායක හමුවෙන්න ආ ප්‍රංශ තානාපතිවරයා - සූර්ය බලශක්ති ගැටලු ගැනත් කතාවෙයි
10:56
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12
Video thumbnail
අල්ලස් කොමිසමට ආ බන්දුල -මේකට එන්නේ අල්ලස් දූ#ණ කරපු නිසානේ ?"එහෙම එකක් නෑ"
01:55
Video thumbnail
Train එක පදවාගෙන යන බිමල් රත්නායක - සිංදු කි‍යලා ඇමති බිමල් ගත්ත Fun එක
02:37
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46