ඊෂි කෑස් ක්රමයට හෙරෝයින් මත්කුඩු ජාවාරමේ නියුතු නෑබඩ ජෝනා නමැති අන්වර්ථ නාමයෙන් හදුන්වන පුද්ගලයකු අත්අඩංගුවට ගත්බව වරකාගොඩ පොලිසිය පවසයි .
සැකකරු ඊෂි කෑස් ක්රමයට මුදල් ලබාගෙන, හෙරෝයින් මත්කුඩු සූක්ෂම ලෙස ටොනික් පියන් වලට බහා පූර්ව දැනුම් දීම් කරන හදුනාගත් ස්ථානවල තබා ජාවාරම කලක පටන් කරගෙන ගොස් ඇති බව සදහන් වේ.
සැකකරු සන්තකයේ තිබී හෙරෝයින් මත්කුඩු ග්රෑම් හයකට ආසන්න ප්රමාණයක් සොයාගත් බව පොලිසිය කීය.
වරකාගොඩ , ගොඩපරහේන, ප්රදේශයේ පදිංචි 33 හැව්රිදි සැකකරු මතුගම මහේස්ත්රාත් අධ්කරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූණි .
