ලෝක ටෙස්ට් ශූරතා අවසන් මහා තරගයේ දී පරාජය වූ ඉන්දීය පිළට දඩයක්

ලෝක ටෙස්ට් ශූරතා අවසන් මහා තරගයේ දී ඕස්ට්‍රේලියාව හමුවේ පරාජය වූ ඉන්දීය කණ්ඩායමට දඩ මුදලක් පැනවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය කටයුතු කර තිබෙනවා.

අවසන් මහා තරගයේ දී මන්දගාමී ඕවර අනුපාතයක් පවතවාගෙන යෑම හේතුවෙන් මෙලෙස ඉන්දීය පිළට දඩ මුදලක් පනවා ඇති බවයි ජාත්‍යන්තර ක්‍රීඩා මාධ්‍ය වාර්තා කරන්නේ.

ඒ, අනුව ඉන්දීය කණ්ඩායමට ඔවුන්ගේ තරග ගාස්තුවෙන් 80%ක් මෙලෙස දඩ වශයෙන් අය කරගෙන ඇති අතර, ක්‍රීඩකයින් සහ ක්‍රීඩක සහායකයින් සඳහා වන ICC චර්යාධර්ම සංග්‍රහයේ 2.22 වගන්තියට අනුව, ක්‍රීඩකයින්ට නියමිත කාලය තුළ පන්දු යැවීමට අපොහොසත් වන සෑම ඕවරයකටම ඔවුන්ගේ තරඟ ගාස්තුවෙන් 20% ක දඩයක් අයකර ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර ඉන්දීය පිළේ ආරම්භක පිතිකරු ශුබ්මන් ගිල් හටද දඩ මුදලක් පැනවීමට අයි.සී.සීය තීරණය කර ඇති බවයි වැඩිදුරටත් තොරතුරු වාර්තා වන්නේ.

ඉන්දීය දෙවන ඉනිමේ දී කැමරන් ග්‍රීන් රැකගත් විශිෂ්ඨ උඩ පන්දුවෙන් ශුබ්මන් ගිල් දැවීයාමෙන් පසු, රූපවාහිනී විනිසුරුවරයාගේ තීරණය විවේචනය කිරීම හේතුවෙන් ඔහුට මෙම දඩ මුදල පනවා ඇති බව සඳහන්.

ඒ, අනුව ගිල්ට ඔහුගේ තරග ගාස්තුවෙන් සියයට 15ක දඩයක් නියම කිරීමටයි අයි.සී.සීය කටයුතු කර ඇත්තේ.

ලෝක ටෙස්ට් ශූරතා අවසන් මහා තරගයේ දී ඉන්දීය පිළ ඕස්ට්‍රේලියාව හමුවේ ලකුණු 209කින් පරාජයට පත් වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
22
+1
3
+1
117
+1
4
+1
2
+1
4
+1
10
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"කෑගහනවා ඇහිලා දුවලා ගිහින් ලෙඩ්ඩු බැලුවේ"..පෞද්ගලික බස්රථ දෙකක් ගැටී සිදුවූ බිහිසුණු අනතුරක්
03:43
Video thumbnail
ජොන්ස්ටන් එළියට එද්දි මාධ්‍යට කියපු දේ..මාස තුනකින් මේ එළියට එන්නේ.."මාස තුනක් ගිහින්ද ?"
01:09
Video thumbnail
රටේ අනෙකුත් සයිබර් ආරක්ෂාව ගැන තව මොනවා කතා කරන්නද ?..l Sajith Premadasa
06:56
Video thumbnail
සුනිල් වටගල කෝටි 45ක පමණ ලක්සිරි නිවසක් මිලදීගෙන ?..චෝදනා කරද්දි දෙපාරක් හිතලා කරන්න
03:16
Video thumbnail
හිකනල්ලු කෑගැහුවා කියලා හාමුදුරුවරු බයත් නෑ..ශාසනයට අගෞරව කිරීමේ ප්‍රතිඵලය තමයි මේ
04:57
Video thumbnail
ජොන්ස්ටන් හිනාවෙවී එළියට ආ හැටි..සෙනඟක් ඇවිත් ජොන්ස්ටන්ව වට කරයි
01:38
Video thumbnail
හෙට වෙනකොට රාජපක්ෂ කෙනෙක් අත්අඩංගුවට ගන්න..නැත්තම් තිස්සකුට්ටි කුදලන් යන්න
02:09
Video thumbnail
පොහොට්ටුවේ ආණ්ඩුවක් තුළ අනුරට දියයුතු දඬුවම් දෙනවා..තිස්සකුට්ටිගෙන් ආණ්ඩුවට සැර සත්තමක්
07:10
Video thumbnail
කන්ටේනර් 323 ගැන අජිත් පෙරේරාගෙන් ප්‍රබල හෙළිදරව්වක්..අපි නිශ්ශබ්දව ඉන්නේ නෑ..
13:17
Video thumbnail
මිහින්තලේ පොලිසියට විරුද්ධව සිවිල් සංවිධාන පාරට බහියි - උණුසුම් තත්ත්වයක්
04:39