හල්බරාවේ වැඩබිමක් තුළ මියගිය දරුවාගේ අවසන් කටයුතු අද – සීයාත් අධිකරණයට

මාලඹේ, හල්බරාව ප්‍රදේශයේ වැඩබිමක් තුළ තියුණු කැපුම් තුවාල සහිතව මිය ගිය 05 හැවිරිදි දරුවාගේ අවසන් කටයුතු අද (11) තලාහේන පොදු සුසාන භූමියේ දී සිදුකිරීමට නියමිතයි.

මේ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු දරුවාගේ 63 හැවිරිදි සීයා අද (11) දින අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බවයි වාර්තා වුණේ.

ජොනතන් මාර්ක් ෆොන්සේකා නමැති මෙම දරුවාගේ මරණය සම්බන්ධව මීට පෙර තණකොළ කපන්නෙකු අත්අඩංගුවට ගත් අතර, සිද්ධියේ ප්‍රධාන සැකකරු වන මෙම පුද්ගලයා ලබන 15 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අධිකරණය නියෝග කළා.

ඒ, සැකකරු ඊයේ (10) කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

05 හැවිරිදි දරුවාගේ දේහය මාලඹේ අටේ කණුව ප්‍රදේශයේ මල් ශාලාවක මේ වනවිට තැන්පත්කර තිබෙනවා.

හල්බරාව ප්‍රදේශයේ වැඩබිමක් තුළ පසුගිය 08 වනදා පස්වරුවේ අවාසනාවන්ත ලෙස මියගොස් තිබුණේ තණකොළ කපන යන්ත්‍රයක තලයක් උදරයේ වැදීම හේතුවෙන්.

දරුවාගේ මරණය පිළිබඳව තණකොළ කපන්නෙකු අත්අඩංගුවට ගත් අතර, ඔහුගේ ඇති සිදුවූ බව කියන දරුවාගේ මරණය සම්බන්ධ සාක්ෂි සැඟවීමට උත්සාහ දරා තිබූ බවයි වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
5
+1
0
+1
1
+1
6
+1
2
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?