දුරකථන මිල අඩුවීමේ සහනය ජනතාවට ලබාදිය නොහැකි බවට ප්‍රකාශයක් (වීඩියෝ)

ජංගම දුරකථන මිල 20% කින් අඩු කළ හැකි බවට ඇතැම් සංගම් පැවසුව ද එම සහනය තවමත් පාරිභෝගිකයන්ට ලබාදීමට හැකියාවක් නොමැති බව සමස්ත ලංකා කොමියුනිකේෂන් හිමිකරුවන්ගේ සංගමය පවසනවා.

එම සංගමයේ සභාපති ඉන්ද්‍රජිත් පෙරේරා කියාසිටියේ ආනයන සීමා ලිහිල් වීම සහ රුපියල ශක්තිමත් වීම හරහා ජනතාවට සහන නොලැබෙන බවට මතයක් පවතින බවයි.

ජංගම දුරකතනවල මිල 20% කින් අඩු කරන බවට ඇතැම් සංගම් ප්‍රකාශ කළ ද තමන් සතුව ඇති දුරකථන මේ වන විට දැන් සියයට දෙතුන් ගුණයකින් වැඩි වී ඇති බවයි සභාපතිවරයා පෙන්වා දෙන්නේ.

මිල අඩුවට තිබු දුරකථන රජය ගත් එක් තීන්දුවක් හේතුවෙන් එක් රැයකින් විශාල ලෙස වැඩි වූ බව ද ඔහු ප්‍රකාශ කරනවා.

එබැවින් දුරකථන අඩුවීමේ වාසිය නුදුරේදීම ජනතාවට ලබාදීමට නොහැකි බවත් තමන් සතුව ඇත්තේ වැඩි මිලට මිලදී ගත් දුරකථන බවත් ඔහු ප්‍රකාශ කළා.

එම තොග තවමත් පවතින අතර මිල අඩු කිරීමට නොහැකි වීම පිළිබඳ ජනතාවගෙන් සමාව අයදින බවයි සමස්ත ලංකා කොමියුනිකේෂන් හිමිකරුවන්ගේ සංගමය කියාසිටියේ.

ජංගම දුරකථන ආනයන සහ විකුණුම්කරුවන්ගේ සංගමය ඊයේ ප්‍රකාශ කළේ ඩොලරයට සාපේක්ෂව රුපියල ශක්තිමත් වීම හේතුවෙන් ජංගම දුරකථන මිල අඩු වන බවයි.

එහි සභාපති සමිත් සෙනරත් මහතා සඳහන් කළේ ජංගම දුරකථන සහ උපාංගවල මිල 20%කින් පමණ අඩු වන බවයි.

දිවයින පුරා පවතින තොග අවසන් වීමත් සමඟ ජනතාවට එම සහනය ලබාදීමට හැකි බව ද ඔහු සඳහන් කළා.

දිවයින පුරා සිටින සාමාජිකයින්ගේ ඒකමතික තීරණයකට අනුව මෙම මිල අඩු කිරීමේ තීරණයට එළඹි බවයි සභාපතිවරයා කියාසිටියේ.

https://www.youtube.com/watch?v=K5o2pCghEc4


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අවුරුදු 40 ක් වෙනතුරු ත්‍රීවීල් පදින්න බෑ.. රජය ගන්න අලුත්ම තීරණය ගන ඇමති නලින් හේවගේ හෙළිකරයි.
00:07
Video thumbnail
නාමල් ආණ්ඩුවට අනතුරු අගවයි - අවු: 2ක් සද්දෙ වහලා හිටියා..ජනපති යට ගහන්න හදනවා
05:39
Video thumbnail
අවසන් මොහොතේ තම වෛද්‍යවරයා වෙනුවෙන් පවා ගී ගැයූ නන්දා මාලනිය..
00:39
Video thumbnail
නුවර වැවට පැ#න කාන්තාවක් බේරාගත් මෙහෙයුම - මොනවා වෙලාද මේ මිනිස්සුන්ට ?
02:09
Video thumbnail
නුවර වැවට ජම්ප් එකක් දැම්ම තරුණියව බේරාගන්න දිවි පරදුවට තැබූ කොල්ලෝ ටිකට රෙස්පෙක්ට්..
02:25
Video thumbnail
යතුරුපැදියක් - ලොරියක වැදී 25ස් හැවිරිදී තරුණයා එතනම එළොව යයි - බයික් එකත් කුඩේ කුඩු
00:45
Video thumbnail
කාලගුණය උඩු යටිකුරු වන ලකුණු..ඉදිරියේදී වැසි වැඩිවෙයි - සුළං තත්ත්වයේ වැඩිවීමක්
03:40
Video thumbnail
පෙරහැරේ පිටුපසින් දුටු අපූරු දසුන... පෙරහැර මැද කැමරා ඇසක් වූ දියවඩන නිලමේ
00:10
Video thumbnail
ජොන්ස්ටන් ආණ්ඩුවට රිදෙන්නම දෙසයි..මෙයාලා පට්ටපල් බොරු කිව්වේ"මහින්ද ගත්ත චෙක් කෝ දැන් "
04:38
Video thumbnail
තව ටික දවසක් බලන් ඉමු, හන්දියක් හන්දියක් ගාණේ කියපු හොරු ටික අල්ලනකල්..
00:14