චන්ද්‍රිකා වැව් ඉස්මත්තේ මියගිය පුද්ගලයෙකුගේ සිරුරු කොටස්

ඇඹිලිපිටිය චන්ද්‍රිකා වැව් ඉස්මත්තේ තිබී මියගිය පුද්ගල සිරුරු කොටස් කිහිපයක් හමුවී තිබෙනවා.

කුඹුගොඩආර මානෙල් මාවත ප්‍රදේශයේ වැව් ඉස්මත්තේ තිබී මෙම සිරුරු කොටස් හමුවී ඇති බවයි වාර්තා වන්නේ.

මියගිය පුද්ගලයාගේ හිස් කබල ඇතුළු අස්ථි කොටස් කිහිපයක් එහි ඇති බව සඳහන්.

එම පුද්ගලයාගේ සිරුර දවටා තිබූ බවට සැක කෙරෙන රෙදි කැබලි සහ මිනී පෙට්ටියක ඇතුලත රඳවා ඇති රෙදි කැබලි කිහිපයක් ද එහි තිබී ඇති බවයි පොලිසිය කියාසිටියේ.

මෙම සිරුරු කොටස් පිරිමි පුද්ගලයෙකුට බවට අනුමාන කෙරෙනවා.

කෙසේවෙතත් මෙම පුද්ගලයා කවුරුන් ද යන්න හෝ මියගොස් ඇත්තේ කෙසේ ද යන්න මෙතෙක් හෙළිවී නැහැ.

ඇඹිලිපිටිය පොලිස් විශේෂ අපරාධ විමර්ශණ ඒකකය වැඩිදුර විමර්ශන සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
4
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?