රත්තරන් මන්ත්‍රී අලි සබ්‍රිට සහ රන් ගෙන ආ සුද්දාට හැඳි දෙකකින් බෙදපු රේගුවේ ලොක්කෝ (ඡායාරූප)

රුපියල් අට කෝටි පනස්තුන් ලක්ෂ දසදහස් නවසීයක් වටිනා කිලෝග්‍රෑම් 04 යි ග්‍රෑම් 611ක් බරැති රත්තරන් තොගයක් නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට ගෙන ඒමට තැත් කළ ප්‍රංශ ජාතිකයෙකු පසුගිය දා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

35 හැවිරිදි මෙම ප්‍රංශ ජාතිකයා මීට පෙර අවස්ථා කීපයකදීම ශ්‍රී ලංකාවට පැමිණ තිබූ අතර, මෙවර ඔහු පැය 24 ක කාලයක් සඳහා පමණක් මෙරටට පැමිණීම පිළිබඳව සැක සිතී ඔහුගේ ගමන් මලු පරීක්ෂා කර ඇති බවයි වාර්තා වුණේ.

එම පරීක්ෂා කිරීම්වල දී මෙම රත්තරන් තොගය සොයා ගැනීමට රේගු නිලධාරීන්ට හැකිව තිබෙනවා.

මොහු රැගෙන ආ ගමන් මලු තුළ සඟවා තිබිය දී රන් මාල කීපයක් සහ බැලූ බැල්මට සොයාගැනීමට අපහසු වන අන්දමට කළු පැහැති තීන්ත ආලේපන කරන ලද රන් පොලු කිහිපයක් ද තිබී සොයාගෙන ඇති බව සඳහන්.

මෙලෙස රේගු භාරයට ගත් රත්තරන් තොගය රාජසන්තක කළ අතර, සැකකාර ප්‍රංශ ජාතිකයාට රුපියල් කෝටි 07ක දඩ මුදලක් ගෙවන ලෙස ද නියෝග කර තිබෙනවා.

මෙම දඩ මුදල ගෙවීමට අදාළ ප්‍රංශ ජාතිකයා අපොහොසත් වීමත් සමඟ ඔහු මීගමුව වැඩබලන මහේස්ත්‍රාත් ඉන්දික ද සිල්වා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 08 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර ඇති බවයි වාර්තා වුණේ.

මේ අතර පසුගිය මැයි මස 23 වනදා පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්‍රි රහීම් රුපියල් හත් කෝටි පනස් ලක්ෂයක් වටිනා රත්තරන් තොගයක් නීතිවිරෝධී ලෙස රැගෙන ආ අවස්ථාවේ රේගු නිලධාරීන්ගේ භාරය පත් වුණා.

එහිදී ඔහුට රත්තරන්වල වටිනාකමෙන් 10% ක ප්‍රමාණයක්, එනම් හැත්තෑ පන් ලක්ෂයක දඩ මුදලක් ගෙවන ලෙස නියෝග කළ රේගු නිලධාරීන්, ඒ හා සමාන වටිනාකමකින් යුතු රත්තරන් තොගයක් නීතිවිරෝධී ලෙස රැගෙන ආ ප්‍රංශ ජාතිකයෙකුට රුපියල් කෝටි 07ක දඩ මුදලක් නියම කිරීම අවධානයකට ලක් කළ යුතු කරුණක් නොවන්නේ ද ?

එකම වරද සිදුකළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට සහ වෙනත් පුද්ගලයෙකුට දඩුවම් ලබාදෙන රේගු නිලධාරීන්ගේ මෙම දෙබිඩි දඬුවම් පිළිවෙත මෙරට මහජනයා අතර හාස්‍යට සහ පිළිකුලට ලක්වන බව නම් නොරහසක්.

ප්‍රංශ ජාතිකයා නීති විරෝධී ලෙස ගෙන ආ රත්තරන්,

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
2
+1
12
+1
3
+1
2
+1
4
+1
5
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන..දැකපු දෙස් විදෙස් අයත් මවිත වුණ දේ
01:33
Video thumbnail
Kasthirama | "යළි ගොඩනැගෙන්නට සවිය අවැසි හෙට දවස" - කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:25:26
Video thumbnail
මෙන්න කාළගුණයේ වෙන්න යන නොසිතූ වෙනස..අත්‍යවශ්‍ය වැඩවලට විතරක් එළියට යන්න
04:02


?